Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුවරාජ් ආපසු එයි

යුවරාජ් ආපසු එයි

editorial - 2020 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්න බෑ” යයි පවසා ඇති යුව්රාජ් සිං, ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම නිසා නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට සූදානමින් පසුවන්නේය. 2011 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කරන විට තරගාවලියේ වීරයා බවට පත්වූ මෙම දඩබ්බර ක්‍රිකට් ක්‍රීඩකයාට විශ්‍රාම යාමෙන් පසුව නැවතත් ක්‍රීඩාව සමගින් එක්වීම වෙහෙසකර ව්‍යායාමයක් නොවන්නේය.

නිතිපතා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ කනගාටුදායක හැඟීම යුවරාජ් සිංට පසුගිය වසරේදී විශ්‍රාම ගැනීමට හේතු වූයේය. 

“විශ්‍රාම යන විට මම සතුටු වුණේ නැහැ. මට අවස්ථා නොලැබීම ගැන බොහෝ කණගාටු වුනා” යැයි, යුවරාජ් පැවසීය.

යුවරාජ්ට නැවත තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට කොරෝනා වසංගතය ඔහුට මග පෑදුවේය. ගුර්ගෝන්වල පිහිටි ඔහුගේ නිවසේ ඇති පෞද්ගලික ව්‍යායාම ශාලාවේ කාර්යබහුලව පසු වූ ඔහු පසුව මොහාලි හි පන්ජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප්‍රාන්තයේ තරුණයන් සමඟ මාස දෙකක කාලයක් පුහුණුව කටයුතු වල නිරත විය.

 අභිෂේක් (ෂර්මා) සහ ෂුබ්මන් (ගිල්) ට මගේ දැනුම ලබාගැනීමට අවශ්‍ය වූ අතර මගේ අත්දැකීම් ඔවුන් සමග බෙදා ගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. මට නැවත ක්‍රිකට් පිටියට පිවිසීමට මෙය හොඳ අවස්ථාවක්. ඔවුන්ට කියාදෙන දේ තෝරා ගැනීමට නොහැකි වූ අවස්ථාවන් වල පුහුණු දැල් තුලදී මට ඔවුන්ට පැහැදිලි කිරීමට සිදු වුනා. මා කියාදුන්දේ ඔවුන්ට තේරුම් ගැනීම පහසු වූ අතර ඉක්මනින් කියාදෙන දේ ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට හැකි බව මට වැටහුණා. පොඩි පොඩි තාක්ෂණික වෙනස්කම් කිහිපයක් සිදු කළ නමුත් මූලික උපදෙස් ලබාදුන් බව යුවරාජ් පැවසීය.

තරුණ ක්‍රීඩකයන් සමඟ පුහුණු දැළ අසළ ගැවසීමෙන් පන්දුවට පහර දීමේ අවස්ථා කිහිපයක් ලබාගැනීමට ද යුවරාජ්ට හැකිවිය. එවන් අවස්ථාවලදී පන්දුවට පහර දීම ඔහුට මහත් විනෝදයක් විය. 

“මම දැළ තුළ පුහුණුවීම් ආරම්භ කළා. ළමයින් සමඟ තරග කරන්නත් ගියා. ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා මම ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රීඩා කළත් මම පොඩි ඈයොන් පුහුණු කිරීමටත් ඉදිරිපත් වුණා“ 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස පංජාබ් ක්‍රිකට් සංගමයේ ලේකම් පුනීත් බාලි මහතා යුව්රාජ්ගෙන් ඉල්ලා සිටියේය. ඉන්පසු යුවරාජ් තම මව (ෂබ්නාම් සිං) සහ බිරිඳ (හේසල් කීච්) සමඟ කතා කළ අතර තමන් වඩාත්ම ආදරය කරන දේ කරන්නැයි ඔව්හු ඔහුට කිවූහ. 

මුලදී මම පන්ජාබ් ක්‍රිකට් සංගමයේ යෝජනාව පිළිගැනීමට අකමැති වූ නමුත් පසුව මට නැවත ක්‍රීඩා කිරීමට අවශ්‍ය වුණා. පිතිකරණයේදී එන හැඟීම එතරම්ම හොඳයි. එය සොඳුරු මතකයන් කිහිපයක් ගෙන ආවා. මම තරගවලදී හයේ පහර කිහිපයක් එල්ල කළ අතර මම නිතරම ආදරය කළේ හයේ පහර එල්ල කරන්නයි. මම පිත්ත අරගෙන හයේ පහර කිහිපයක් එල්ල කළ කිරීමෙන් පසුව මගේ ක්‍රීඩාවට වඩාත් ගැලපෙන විස්සයි 20 ආකෘතිය ක්‍රීඩා කිරීමට තීරණය කළා.

“මම සහ බජ්ජි (හර්බජාන් සිං) පන්ජාබයට ශූරතාවක් දිනා ගැනීමට සෑම උත්සාහයක්ම ගත්තා යැයි ඔහු විශ්‍රාම යාමට පෙර වසර පහක කාලය ගැන මෙනෙහි කරමින් යුව්රාජ් පැවසීය. එහිදී අපි දෙදෙනා වෙහෙස මහන්සි වී වැඩ කළත් ඒ දේවල් සාර්ථක වූනේ නෑ. දිගටම ක්‍රීඩා කිරීමට මා තුළ පෙලඹීමක් නොතිබූ අතර එය විශ්‍රාම ගැනීමට මා පෙලඹූවා. පන්ජාබයට විස්සයි විස්ස ශූරතාව දිනා ගැනීමට කෙනෙකුට උපරිම උත්සාහයක් ගන්න පුලුවන් කියලා මම දැන් හිතනවා. කණ්ඩායමට විශිෂ්ඨ දක්ෂතා ඇති අතර මම එයට දායක වීමට බලාපොරොත්තු වෙනවා” යයිද යුවරාජ් පැවසීය. 

මම සෑම විටම ඔහු දෙස බැලුවා. ඔහුගේ උපදෙස් වලින් සෑම විටම ප්‍රයෝජන ගත්තා. ඔහු නිතරම මට කිව්වා අපි ක්‍රිකට් ක්‍රීඩා කළේ අපි ක්‍රීඩාවට ආදරය කළ නිසා කියලා. මම එම ක්‍රියාවලිය අනුගමනය කරනවා. මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කර ඇති අතර එය ප්‍රකාශ කිරීමට මම ඒක මාර්ගයක් කරගන්නවා. ඔහුගේ උපදෙස් වලින් පිටතට ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මම යන්නේ නැහැ යැයි සචින් තෙන්ඩුල්කාර්ගේ ආදර්ශය උපුටා දක්වමින් ඔහු පැවසීය.

නැවත ක්‍රිකට් පිටියට පිවිසීම ගැන තමා උද්යෝගිමත් බව පිළිගත් යුවරාජ්, ඔබට ඔබේ ජීවිත කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි නමුත් විස්සයි20 යනු ඔබට වයස 45 වන තෙක් ක්‍රීඩා කළ හැකි ආකෘතියකි. පුහුණුකරුවෙකු, උපදේශකයෙකු සහ ක්‍රීඩකයෙකු ලෙස මම එක් වාරයක් ක්‍රීඩා කරලා බලනවා. මට ඒක පන්ජාබය වෙනුවෙන් කිරීමට අවශ්‍යයි. ඔවුන් මට ගොඩක් දේවල් දුන්නා.

විදේශීය ලීග නැති වීම තමාට ප්‍රශ්නයක් නොවන බව යුවරාජ්ගේ පැහැදිලි මතය විය. මම පැහැදිලිවම පන්ජාබය වෙත අවධානය යොමු කරනවා. කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීතිරීති වලට අනුව විදේශීය ලීග් ක්‍රීඩා කළ නොහැකි අතර මම ඒ ගැන හිතන්නේ නෑ. මගේ ප්‍රමුඛතාවය පන්ජාබයට උදව් කිරීමයි.

ඔහු හර්බජන් සිං සමඟ කතා කරයිද? මම ඒකාන්තයෙන්ම කැමති ඔහුත් සමග මේ ව්‍යාපාරයට එක්වී තරුණයන්ට පන්ජාබයට කිරුළ හිමිකර දිමට. මම බලා සිටින්නේ පිත්ත අරගෙන හයේ පහර කිහිපයක් එල්ල කිරීමට යැයි 38 හැවිරිදි යුව්රාජ් පැවසීය.

 


අදහස් (0)

යුවරාජ් ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.