Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

යොහාන් භාසුර - 2020 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු අප්‍රිකාවේදී ලබන දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා කණ්ඩායමක් තෝරාගෙන ඇතැයි වාර්තා වේ. ජාතික තේරීම් කමිටුවකින් තොරව ජාතික කණ්ඩායමක් තෝරාගත නොහැකි නමුත් දෙසැම්බර් මස 20 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පුහුණුවීම් කිරීමේ අටියෙන් මිකී ආතර් මහතා විසින් ක්‍රීඩකයන් 22 ක සංචිතයක් තෝරාගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 22 දෙනාගෙන් සමන්විත සංචිතය දින 10 ක අඛණ්ඩ පුහුණුවීම් සඳහා ඊයේ (13 වැනිදා) පල්ලෙකැළේ බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ නීතිරීතිවලට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව සංචිත තේරීමේ බලය ජාතික තේරීම් කමිටුවට පමණක් හිමිවේ. එහෙත් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතාගේ සෘජු මැදිහත්වීමෙන් මෙම සංචිතය තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ. පළමු ‘කොවිඞ්’ රැල්ළෙන් පසුව බංග්ලාදේශ සංචාරය සඳහා නම් කළ 23 දෙනකුගෙන් යුත් සංචිතයේ වෙනස්කම් කීපයක් කරමින් මෙම නව සංචිතය නම් කර තිබේ.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු තුනකට නිර්දේශ කරන ලද නම් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද මේ දක්වා එම කමිටු නම් කර නොමැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ජාතික තේරීම් කමිටුව මේ දක්වා නිල වශයෙන් ලැබී නොමැති බවත් බංග්ලාදේශ සංචාරයට නම් කළ සංචිතය දකුණු අප්‍රිකානු සංචාරයට ගැලපෙන ආකාරයට වෙනස් කළ බවයි.

තෝරා ගන්නා ලද කණ්ඩායමට වේග පන්දු යවන්නන් හත් දෙනකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් වෙති. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ හුංගම විජයබාහු විදුහලේ ඩිල්ෂාන් මධුසංඛ ද වේග පන්දු යවන්නකු ලෙස සංචිතයට ඇතුළත්ව සිටින අතර දසුන් ශානක සහ සන්තුෂ් ගුණතිලක තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති.

බංග්ලාදේශ සංචාරයට ඇතුළත්ව සිටි තරුණ ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, දුවිඳු තිලකරත්න සහ ලක්‍ෂාන් සඳකැන් සංචිතයෙන් ඉවත්කර තිබේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල දෙසැම්බර් මස 17 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා පිල දෙසැම්බර් මස 20 වැනිදා පුහුණු තුන්දින තරගයක් ආරම්භ කිරීමට නියමිතය.  
 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්රුවන් පෙරේරා, දසුන් ශානක, ඩිල්ෂාන් මධුසංඛ සහ සන්තුෂ් ගුණතිලක

 

 


අදහස් (0)

මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.