Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියක

බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියක

editorial - 2020 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (9 වැනිදා) සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 126 කට කඩුලු 6 ක් දැවී අසීරු තත්වයකට පත්ව සිටියේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 86 ක් පසුපසින් සිටියි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නායක මොමිනුල් හක් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 37 ක් ලබා සිටින අතර අනෙක් අන්තයේ රැදී සිටි ලිටන් දාස් ලකුණු ලබාගැනීම අරඹා නොසිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වන විට බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස සයිෆ් හසන් ලකුණු 16 කට දැවී ගියේ නෂීම් ෂාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. ඉන් නොනැවතුන නසීම් ෂා, කඩුලු ත්‍රිත්වයක්ද ලබාගත් අතර ලකුණු 38 ක් ලබා සිටි නජ්මුල් හොසේන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් ඔහු ඉන් අනතුරුව යැවූ පන්දු දෙකේදී තයිජුල් ඉස්ලාම් (0) සහ මහමදුල්ලා රියාද් (0) ද පිටියෙන් ඉවත් කරමින් බංග්ලාදේශ ඉනිම අඩ පණ කළේය.

නසීම් ෂාට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ යසීර් ෂා ලකුණු 33 කට කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරීම සඳහා නසීම් ෂාට අනගි සහායක් ලබා දුන්නේය. යසීර් ෂාගේ පන්දු හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ටමීම් ඉක්බාල් ලකුණු 34 කටද, කඩුල්ල බිඳ වැටීමෙන් මොහොමඞ් මිතුන් ලකුණු නොලබාද දැවී ගියහ.

දෙවැනි දිනය වූ පෙරේදා (8 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් ලකුණු 342 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 103 ක් එක්කර ගත්තේය. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි අර්ධ ශතකය ලබාගත් හාරිස් සොහේල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් එය අලංකාර කළේය.

ඊයේ තරගය නතර කරන විට ලකුණු 143 ක් ලබා කඩුල්ලේ රැදී සිටි බාබර් අසාම්ට අද දිනයේදී එකදු ලකුණක් හෝ ලබාගැනීමට අබූ ජයේද් ඉඩක් නොදුන්නේය. ලකුණු 60 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අසාද් ශෆීක්ටද අද දිනයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඉබාදත් හොසේන්ගේ පන්දුවක් හමුවේ ලිටන් දාස් අතට උඩ පන්දුවක් දෙමින් පාකිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ශෆීක් පිටියෙන් ඉවත්ව ගියේය.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
(නජ්මුල් හොසේන් 44, මොමිනුල් හක් 30, මහමදුල්ලා රියාද් 25, මොහොමඞ් මිතුන් 63, ලිටන් දාස් 33, තයිජුල් ඉස්ලාම් 24, ශහීන් අෆ්රිඩි 53/4, හාරිස් සොහේල් 11/2, මොහොමඩ් අබ්බාස් 19/2)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 445
(ශාන් මසූද් 100, අසාර් අලී 34, බාබර් අසාම් 143, අසාද් ශෆීක් 65, හාරිස් සොහේල් 75, අබූ ජයේද් 86/3, රුබෙල් හොසේන් 113/3, තයිජුල් ඉස්ලාම් 139/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 126  
(ටමීම් ඉක්බාල් 34, සයිෆ් හසන් 16, නජ්මුල් හොසේන් 38, මොමිනුල් හක් නොදැවී 37, නසීම් ෂා 26/4, යසීර් ෂා 26/2)


 

-036


අදහස් (0)

බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.