Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ කණ්ඩායමත් ශ්‍රී ලංකාවට එන්න බෑ කියයි

බංග්ලාදේශ කණ්ඩායමත් ශ්‍රී ලංකාවට එන්න බෑ කියයි

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දින නියමයකින් තොරව කල්දමන ලද අන්තර්ජාතික ක්‍රිකට් තරගවලි අතරට බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයද එක්ව තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයන්ට පුහුණුවීම් කළ හැකි තත්ත්වයක් නැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලද බව බංග්ලාදේශය දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු ඊයේ (24 වැනිදා) නිල වශයෙන් ප්‍රකාශ කළහ.

ජුලි මස අග භාගයේදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණ. එහෙත් බංග්ලාදේශයද මේ වන විට කොරෝනා වයිරසයේ බලපෑමට හසුව දැඩි පීඩාවකට පත්ව සිටී. ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ බංග්ලාදේශයේ වෙසෙන කෝටි 16 කට අධික ජනගහණයයි.

ටෙස්ට් සංචිතයේ රැඳී සිටින බංග්ලාදේශ පිලේ හිටපු නායකයා වන මෂ්රාෆි මෝර්ටාසා සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක නස්මුල් ඉස්ලාම් දෙදෙනාත් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටිති. ඊයේ (24 වැනිදා) වන විට බංග්ලාදේශයේ 1,22,660 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර 1582 දෙනෙක් මියගොස් තිබිණ. ඊයේ දිනයේදී පමණක් බංග්ලාදේශයෙන් වාර්තාව වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3462 කි.

ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම කොරෝනා වයිරසය නිසා රට වසා දැමීමට පෙරම ආපසු සියරට බලා ගියහ. අනතුරුව ඉන්දීය පිලේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරද කල්දමන ලද ලයිස්තුවට එක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය දෙවන නේවාසික පුහුණු කඳවුර සඳුදා මහනුවර ආරම්භ කළේ සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරමිනි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද එම තරගාවලියත් මේ වන විට අවිනිශ්චිත තරගාවලි ලයිස්තුවේ ඉහළින්ම තිබේ.


අදහස් (1)

බංග්ලාදේශ කණ්ඩායමත් ශ්‍රී ලංකාවට එන්න බෑ කියයි
  • SISIRA Thursday, 25 June 2020 09:46 AM

    ලොකු දෙයක්... මේවගේ රටවල් වලින් ඇවිත් කොරෝනා වැඩි නොකර ඉන්න එක...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.