Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු ක්‍රිකට් ලොක්කාගෙන් ඉන්දියාවට කොන්දේසියක්

පාකිස්තානු ක්‍රිකට් ලොක්කාගෙන් ඉන්දියාවට කොන්දේසියක්

editorial - 2021 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ක්‍රීඩකයන්ට, ක්‍රීඩා ලෝලීන්ට, නිලධාරීන්ට මෙන්ම ජනමාධ්‍යවේදීන්ටත් වීසා නිකුත් කරන බවට මාර්තු මස අග වන විට ඉන්දීය රජයෙන් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමට පාකිස්තානය අන්තර්ජාතික ක්‍රිකට් සභාවට බල කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති එහ්සාන් මනි මහතා කියා සිටී. පාකිස්තානයේ සිට පැමිණෙන ක්‍රීඩකයින්, රසිකයන්, පාකිස්තාන මාධ්‍යවේදීන් සහ නිලධාරීන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍ය බවත් ඒ සඳහා ඉන්දීය රජයෙන් ලිඛිත සහතිකයක් අවශ්‍ය බවත් ලාහෝර් හි පැවැති මාධ්‍ය හමුවකදී එෂාන් මානි මහතා පවසා තිබේ. 

“ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන බලය හිමි ‘ලොක්කෝ’ තුන්දෙනා සම්බන්ධ මානසිකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අපේ උත්සාහය ජාතික කණ්ඩායමේ වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා පමණක් නොවේ. රසිකයන්, නිලධාරීන් වගේම මාධ්‍යවේදීන් සඳහාත් වීසා ලැබෙන බවට ලිඛිත සහතිකයක් ලබා ගැනීමට අපි උත්සාහ කරනවා” යැයි මානි මහතා පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.

“මාර්තු මස අවසන් වන විට ඉන්දියාව මේ සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ලබා දිය යුතු බව අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කියලා තියෙනවා. එමඟින් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අප සිටින්නේ කොතැනදැයි දැන ගැනීමට අපට පුළුවන්. එහෙම නැත්නම්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනයාමට අපි බලකරනවා” යැයි මානි මහතා වැඩිදුරටත් පැවසීය.

එෂාන් මානි මහතා පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා පමණක් නොව, වසර 2003 සිට 2006 අතර කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ ඉතාමත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකි. 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම, ඉන්දියාවට ගොඩබැසීමට පෙර ඉන්දීය රජයෙන් අවසර අවශ්‍ය වෙනවා. එබැවින්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ ගැන මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි වන අතර අවසාන තීරණය මධ්‍යම රජය සතු වේ. වසර 2016 දී ඉන්දියාවේදී පැවති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානු කණ්ඩායමට වීසා බලපත්‍ර නිකුත් කළ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර ලීග් අදියරේ තරගය හිමචාල් ප්‍රාන්තයේ පිහිටි ධරම්සාලා නගරයෙන් ඉවත් කෙරුණි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර කිසිදු ද්විපාර්ශ්වික තරගමාලාවක් නොපැවැත්වෙන නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගවලදී හෝ ආසියානු කුසලාන තරගාවලිවලදී පමණක් කණ්ඩායම් දෙකම එකිනෙකා සමගින් තරග කරනු ඇත. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලියක් වන බැවින් ඉන්දීය කණ්ඩායමට සහ පාකිස්තානයට එකිනෙකා හා ක්‍රීඩා කිරීමට සිදුවේ. එසේ නොවුණහොත් තරගාවලියේ රූපවාහිනී විකාශ අයිතිය හිමි සමාගම අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් විශාල වන්දියක් ඉල්ලා සිටිනු ඇත. 

කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුෂලාන තරගාවලියේදී පාකිස්තානයේ සහභාගීත්වය පිළිබඳ පැහැදිලි තීරණයක් ලබන මාසය වන විට දැන ගැනීමට හැකිවනු ඇති බවද එෂාන් මානි මහතා පවසයි. 

- 2079


අදහස් (0)

පාකිස්තානු ක්‍රිකට් ලොක්කාගෙන් ඉන්දියාවට කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.