Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය 2-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

පාකිස්තානය 2-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කළ පාකිස්තාන ක්‍රීඩකයෝ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් වූහ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 49.3 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292 ක් පමණි. එහිදී ජෙනෙමන් මැලන් (70), කයිල් වේරියන් (62) සහ ඇන්ඩිල් පෙලුක්වායෝ (54) අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද, දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.

පන්දු 81 කදී වාර්තා වූ මැලන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 53 කින් ලබාගත් වේරියන්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 61 කින් ලබාගත් පෙලුක්වායෝගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය. දකුණු අප්‍රිකානු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වේරියන් සහ පෙලුක්වායෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඩ් නවාස් ලකුණු 34 කට කඩුලු 3 ක්ද, ශහීන් අෆ්රිඩි ලකුණු 58 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර හාරිස් රවුෆ් ලකුණු 45 කට කඩුලු 2 ක් බිඳහෙළමින් ඒ සඳහා අනගි සහායක් ලබාදුන්නේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් ලබාගත් අතර එහිදී අගනා ශතකයක් ලබාගැනීමට ෆකාර් සමාන් (101) සමත් විය. පන්දු 104 කට මුහුණදුන් සමාන්, හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සිය ශතකය අලංකාර කළ අතර එය ඔහු පිට පිටම ලබාගත් දෙවැනි ශතකය විය.

පළමු කඩුල්ල වෙනුවෙන් ඉමාම් උල්හක් (57) සමග එක්ව පන්දු 128 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සමාන්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක බාබර් අසාම් (94) සමග එක්ව පන්දු 85 කදී ලකුණු 94 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 73 කදී වාර්තා වූ ඉමාම්ගේ අර්ධ ශතකය හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 82 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හසන් අලී, පන්දු 11 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 32 රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.  

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 320
(ඉමාම් උල්හක් 57, ෆකාර් සමාන් 101, බාබර් අසාම් 94, හසන් අලී නොදැවී 32, කේෂව් මහරාජ් 45/3, ඒඩ්න් මාක්‍රම් 48/2)

දකුණු අප්‍රිකාව - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 292
(ජෙනෙමන් මැලන් 70, ඒඩ්න් මාක්‍රම් 18, ජේ.ජේ. ස්මුට්ස් 17, ටෙම්බා බවුමා 20, කයිල් වේරියන් 62, ඇන්ඩිල් පෙලුක්වායෝ 54, කේෂව් මහරාජ් 19, මොහොමඩ් නවාස් 34/3, ශහීන් අෆ්රිඩි 58/3, හාරිස් රවුෆ් 45/2)

-036

 


අදහස් (0)

පාකිස්තානය 2-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.