Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෙරහුරු තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට

පෙරහුරු තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට

editorial - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ කණ්ඩායම අතර පැවැති දකුණු අප්‍රිකාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස යොවුන් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට ඕවර 44.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි. ජොනතන් බර්ඞ් පන්දු 76 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට මත්තෙන් දැවීගියද, පන්දු 70 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් ජැක් ලීස් ලකුණු 46 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. අශේන් ඩැනියෙල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින් ලීස් දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නවෝද් පරණවිතාන පන්දු 64 කින් ලකුණු 68 ක් රැස්කලේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගිනි.

අහන් වික්‍රමසිංහ පන්දු 57 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද, කවිඳු නදීෂාන් පන්දු 40 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද, දුවිඳු තිලකරත්න පන්දු 40 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 16 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 197
(නවෝද් පරණවිතාන 68, එස්. අභිෂේක් 14, අහන් වික්‍රමසිංහ 34, දුවිඳු තිලකරත්න නොදැවී 16, කවිඳු නදීෂාන් 22, ටැයෑන් පැන් වුරේන් 15/2, මෙරික් බ්‍රෙට් 30/2)

දකුණු අප්‍රිකානු යොවුන් පිල - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 182
(ඇන්ඩෘ ලෝ 15, ජොනතන් බර්ඞ් 71, ජැක් ලීස් 46, අම්ෂි ද සිල්වා 30/2)

-036

 


අදහස් (0)

පෙරහුරු තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.