Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රියන්ජන් බංග්ලාදේශය අසරණ කරයි

ප්‍රියන්ජන් බංග්ලාදේශය අසරණ කරයි

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අශාන් ප්‍රියන්ජන්ගේ තුන්ඉරියව් දස්කම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති පළමු නිල නොවන එක්දින තරගය කඩුලු 7 කින් ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 25.5 කදි කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

නායකත්වයේ වගකීම මැනවින් ඉටුකළ අශාන් ප්‍රියන්ජන් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ප්‍රියමාල් පෙරේරා පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 24 ක් රැස්කර නොදැවි කඩුල්ලේ රැඳී සිටියේය.

ලකුණු 51 කට ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ කඩුලු 3 ක් දැවී ගියවිට සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ අශාන් ප්‍රියංජන් සහ ප්‍රියමාල් පෙරේරා පන්දු 74 කදී ලකුණු 69 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ. බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙල්ල කිරීමට ඔවුන් අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ඕවර 33.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116 ක් පමණි. එක් අවස්ථාවකදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 102 ක් ලබාගනිමින් ස්ථාවර ස්ථානයක සිටියද නොසිතූ අයුරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අවසන් කඩුලු 6 ලකුණු 14 ක් තුල දැවී ගියේය.

ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 47 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් රැස්කරමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර නජ්මුල් හුසේන් ලකුණු 24 ක් සහ නායක මොහොමඞ් මිතුන් ලකුණු 21 ක් රැස්කිරීමට සමත්වූහ.

පන්දු යවන්නන් 5 දෙනෙකු යොදාගනිමින් පන්දු යැවුවද පස්වැනි කඩුල්ල සඳහා එක්වූ මොහොමඞ් මිතුන් සහ අෆීෆ් හුසේන් ස්ථාවර වෙමින් සිටිනු දුටු නායක අශාන් ප්‍රියංජන් පන්දු යැවීම සඳහා පන්දුව අතට ගත්තේය. යවන ලද පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී අෆීෆ් හුසේන් දවාගනිමින් කඩුලු දඩයම ආරම්භකළ අශාන් ප්‍රියංජන් ඕවර 4.3 කදී එක් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ ඉනිම සුනුවිසුණු කර දැම්මේය.

චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 17 කට කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.


බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 116
(සයිෆ් හසන් 32, නජ්මුල් හුසේන් 24, මොහොමඞ් මිතුන් 21, අශාන් ප්‍රියංජන් 10/4, චාමික කරුණාරත්න 17/2, රමේෂ් මෙන්ඩිස් 17/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - ඕවර 25.5 කදී කඩුලු 3 ක් දැවී 120
(කමිඳු මෙන්ඩිස් 23, අශාන් ප්‍රියංජන් නොදැවී 50, ප්‍රියමාල් පෙරේරා නොදැවී 24)


අදහස් (0)

ප්‍රියන්ජන් බංග්ලාදේශය අසරණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.