Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සැකසුම : ශානුක අරවින්ද)
....................................................................................................................................................................
පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 18 ක ජයක් වාර්තා කළ නවසීලන්තය අවසන් මහ තරගයට එයි. තරගයේ වීරයා මැතිව් හෙන්රි.
....................................................................................................................................................................
ඕවර 49.3 කදී - 221/10
(ජස්ප්‍රීට් බුම්රා නොදැවී 00, ජෙම්ස් නීෂම් 7.3-0-49-1)
නීෂම්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 5 කට දැවී යයි. (හතරේ පහර 1 යි)
....................................................................................................................................................................
ඕවර 49 කදී - 217/9
(යුස්වේන්ද්‍ර චාහල් 01, ජස්ප්‍රීට් බුම්රා 00, ලොකී ෆර්ගියුසන් 10-0-43-1)
49 වැනි ඕවරය යැවීම සඳහා ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.
ෆර්ගියුසන්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපයට ඉහළින් හයේ පහරක්.
ලකුණු 50 ක් ලබා සිටි මහේන්ද්‍ර සිං දෝනි දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මාටින් ගප්ටිල් සමත් වෙයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)
10 වැනි පිතිකරුවා ලෙස යුස්වේන්ද්‍ර චාහල් පිටියට පිවිසෙයි.
එම ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් බුවනේෂ්වර් කුමාර් ලකුණු නොළබා දැවී යයි.
11 වැනි පිතිකරුවා ලෙස ජස්ප්‍රීට් බුම්රා පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 48 කදී - 209/7
(මහේන්ද්‍ර සිං දෝනි 43, බුවනේෂ්වර් කුමාර් 00, ට්‍රෙන්ට් බෝල්ට් 10-2-42-2)
බෝල්ට්ගේ 10 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් රවින්ද්‍ර ජදේජා ලකුණු 77 කට දැවී යයි. (හයේ පහර 4 යි, හතරේ පහර 4 යි)
නමවැනි පිතිකරු ලෙස බුවනේෂ්වර් කුමාර් පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 47 කදී - 203/6
(මහේන්ද්‍ර සිං දෝනි 38, රවින්ද්‍ර ජදේජා 76, මැතිව් හෙන්රි 10-1-37-3)
47 වැනි ඕවරය යැවීම සඳහා මැතිව් හෙන්රි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.
හෙන්රිගේ 10 වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 46 කදී - 198/6
(මහේන්ද්‍ර සිං දෝනි 35, රවින්ද්‍ර ජදේජා 74, ට්‍රෙන්ට් බෝල්ට් 9-2-36-1)
46 වැනි ඕවරය යැවීම සඳහා ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.
බෝල්ට්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හයේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 45 කදී - 188/6
(මහේන්ද්‍ර සිං දෝනි 33, රවින්ද්‍ර ජදේජා 66, ලොකී ෆර්ගියුසන් 9-0-35-0)
ෆර්ගියුසන්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 44 කදී - 178/6
(මහේන්ද්‍ර සිං දෝනි 30, රවින්ද්‍ර ජදේජා 59, ජේම්ස් නීෂම් 7-0-45-0)
නීෂම්ගේ හත්වැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 43 කදී - 171/6
(මහේන්ද්‍ර සිං දෝනි 29, රවින්ද්‍ර ජදේජා 54, ලොකී ෆර්ගියුසන් 8-0-25-0)
43 වැනි ඕවරය යැවීම සඳහා ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.
ෆර්ගියුසන්ගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 42 කදී - 168/6
(මහේන්ද්‍ර සිං දෝනි 28, රවින්ද්‍ර ජදේජා 52, ජේම්ස් නීෂම් 6-0-38-0)
42 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.
නීෂම්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් රවින්ද්‍ර ජදේජා සිය 11 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.
....................................................................................................................................................................
ඕවර 41 කදී - 159/6
(මහේන්ද්‍ර සිං දෝනි 27, රවින්ද්‍ර ජදේජා 45, මිචෙල් සෑන්ට්නර් 10-2-34-2)
සෑන්ට්නර්ගේ 10 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 40 කදී - 150/6
(මහේන්ද්‍ර සිං දෝනි 24, රවින්ද්‍ර ජදේජා 39, ලොකී ෆර්ගියුසන් 7-0-22-0)
40 වැනි ඕවරය යැවීම සඳහා ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.
ෆර්ගියුසන්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 39 කදී - 141/6
(මහේන්ද්‍ර සිං දෝනි 32, රවින්ද්‍ර ජදේජා 23, මිචෙල් සෑන්ට්නර් 9-2-25-2)
සෑන්ට්නර්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 38 කදී - 131/6
(මහේන්ද්‍ර සිං දෝනි 22, රවින්ද්‍ර ජදේජා 24, මැතිවු හෙන්රි 9-1-32-3)
හෙන්රිගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී රවින්ද්‍ර ජදේජාගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 37 කදී - 126/6
(මහේන්ද්‍ර සිං දෝනි 22, රවින්ද්‍ර ජදේජා 19, මිචෙල් සෑන්ට්නර් 8-2-15-2)
සෑන්ට්නර්ගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 36 කදී - 123/6
(මහේන්ද්‍ර සිං දෝනි 21, රවින්ද්‍ර ජදේජා 17, මැතිවු හෙන්රි 8-1-27-3)
36 වැනි ඕවරය යැවීම සඳහා මැතිවු හෙන්රි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.
හෙන්රිගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 35 කදී - 119/6
(මහේන්ද්‍ර සිං දෝනි 20, රවින්ද්‍ර ජදේජා 15, මිචෙල් සෑන්ට්නර් 7-2-12-2)
35 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සෑන්ට්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.
සෑන්ට්නර්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 34 කදී - 114/6
(මහේන්ද්‍ර සිං දෝනි 19, රවින්ද්‍ර ජදේජා 11, ට්‍රෙන්ට් බෝල්ට් 8-2-26-1)
බෝල්ට්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.
....................................................................................................................................................................
ඕවර 33 කදී - 106/6
(මහේන්ද්‍ර සිං දෝනි 14, රවින්ද්‍ර ජදේජා 09, ජෙම්ස් නීෂම් 5-0-29-0)
33 වැනි ඕවරය යැවීම සඳහා ජෙම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රවින්ද්‍ර ජදේජා සූදානම්.
නීෂම්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට රවින්ද්‍ර ජදේජාගෙන් ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 32 කදී - 97/6
(මහේන්ද්‍ර සිං දෝනි 12, රවින්ද්‍ර ජදේජා 02, ට්‍රෙන්ට් බෝල්ට් 7-2-18-1)
32 වැනි ඕවරය යැවීම සඳහා ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්.
බෝල්ට්ගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 31 කදී - 94/6
(මහේන්ද්‍ර සිං දෝනි 11, රවින්ද්‍ර ජදේජා 01, මිචෙල් සෑන්ට්නර් 6-2-07-2)
සෑන්ට්නර්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 32 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
අටවැනි පිතිකරු ලෙස රවින්ද්‍ර ජදේජා පිටියිට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 30 කදී - 92/5
(හර්දීක් පාණ්ඩ්‍යා 32, මහේන්ද්‍ර සිං දෝනි 10, ජෙම්ස් නීෂම් 4-0-20-0)
30 වැනි ඕවරය යැවීම සඳහා ජෙම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.
නීෂම්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 29 කදී - 85/5
(හර්දීක් පාණ්ඩ්‍යා 30, මහේන්ද්‍ර සිං දෝනි 05, මිචෙල් සෑන්ට්නර් 5-2-05-1)
සෑන්ට්නර්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 28 කදී - 83/5
(හර්දීක් පාණ්ඩ්‍යා 30, මහේන්ද්‍ර සිං දෝනි 03, ලොකී ෆර්ගියුසන් 6-0-13-0)
ෆර්ගියුසන්ගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 27 කදී - 82/5
(හර්දීක් පාණ්ඩ්‍යා 30, මහේන්ද්‍ර සිං දෝනි 02, මිචෙල් සෑන්ට්නර් 4-2-03-1)
සෑන්ට්නර්ගේ සිව්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 26 කදී - 80/5
(හර්දීක් පාණ්ඩ්‍යා 29, මහේන්ද්‍ර සිං දෝනි 01, ලොකී ෆර්ගියුසන් 5-0-12-0)
26 වැනි ඕවරය යැවීම සඳහා ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.
ෆර්ගියුසන්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 25 කදී - 77/5
(හර්දීක් පාණ්ඩ්‍යා 26, මහේන්ද්‍ර සිං දෝනි 01, මිචෙල් සෑන්ට්නර් 3-2-01-1)
සෑන්ට්නර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 24 කදී - 75/5
(රිෂාබ් පාන්ට් 25, මහේන්ද්‍ර සිං දෝනි 01, ජේම්ස් නීෂම් 3-0-13-0)
නීෂම්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 23 කදී - 71/5
(හර්දීක් පාණ්ඩ්‍යා 22, මහේන්ද්‍ර සිං දෝනි 00, මිචෙල් සෑන්ට්නර් 2-2-00-1)
සෑන්ට්නර්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි කොලින් ඩි'ග්‍රෑන්ඩ්හෝම් අතට උඩ පන්දුවක් දෙමින් රිෂාබ් පාන්ට් ලකුණු 32 කට දැවී යයි. (හතරේ පහර 4 යි)
හත්වැනි පිතිකරුවා ලෙස මහේන්ද්‍ර සිං දෝනි පිටියට පිවිසෙයි.
එම ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ඕවර 22 කදී - 71/4
(රිෂාබ් පාන්ට් 32, හර්දීක් පාණ්ඩ්‍යා 22, ජේම්ස් නීෂම් 2-0-09-0)
නීෂම්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 21 කදී - 70/4
(රිෂාබ් පාන්ට් 31, හර්දීක් පාණ්ඩ්‍යා 22, මිචෙල් සෑන්ට්නර් 1-1-00-0)
22 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.
සෑන්ට්නර්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ඕවර 20 කදී - 70/4
(රිෂාබ් පාන්ට් 31, හර්දීක් පාණ්ඩ්‍යා 22, ජේම්ස් නීෂම් 1-0-08-0)
21 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීමට හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.
නීෂම්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 19 කදී - 62/4
(රිෂාබ් පාන්ට් 27, හර්දීක් පාණ්ඩ්‍යා 19, ලොකී ෆර්ගියුසන් 4-0-09-0)
ෆර්ගියුසන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 18 කදී - 60/4
(රිෂාබ් පාන්ට් 25, හර්දීක් පාණ්ඩ්‍යා 19, කොලින් ඩි'ග්‍රෑන්ඩ්හෝම් 2-0-13-0)
ග්‍රෑන්ඩ්හෝම්ගේ දෙවැනි ඕවරයට ලකුණු 9 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 17 කදී - 51/4
(රිෂාබ් පාන්ට් 24, හර්දීක් පාණ්ඩ්‍යා 12, ලොකී ෆර්ගියුසන් 3-0-07-0)
ෆර්ගියුසන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 16 කදී - 47/4
(රිෂාබ් පාන්ට් 23, හර්දීක් පාණ්ඩ්‍යා 10, කොලින් ඩි'ග්‍රෑන්ඩ්හෝම් 1-0-04-0)
16 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක කොලින් ඩි'ග්‍රෑන්ඩ්හෝම් කැඳවයි. පන්දුව පිළිගැනීමට රිෂාබ් පාන්ට් සූදානම්.
ග්‍රෑන්ඩ්හෝම්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 15 කදී - 43/4
(රිෂාබ් පාන්ට් 20, හර්දීක් පාණ්ඩ්‍යා 09, ලොකී ෆර්ගියුසන් 2-0-03-0)
ෆර්ගියුසන්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 14 කදී - 42/4
(රිෂාබ් පාන්ට් 19, හර්දීක් පාණ්ඩ්‍යා 09, මැතිව් හෙන්රි 7-1-23-3)
හෙන්රිගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට හර්දීක් පාණ්ඩ්‍යාගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 13 කදී - 37/4
(රිෂාබ් පාන්ට් 19, හර්දීක් පාණ්ඩ්‍යා 05, ලොකී ෆර්ගියුසන් 1-0-02-0)
13 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීමට හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.
ෆර්ගියුසන්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.
එම ඕවරයේ දෙවැනි පන්දුවේදී රිෂාබ් පාන්ට් (ලකුණු 18 ක් ලබා සිටියදී) ලබා දුන් උඩ පන්දුවක් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් නීෂම් අතින් ගිළිහෙයි.
....................................................................................................................................................................
ඕවර 12 කදී - 35/4
(රිෂාබ් පාන්ට් 18, හර්දීක් පාණ්ඩ්‍යා 04, මැතිව් හෙන්රි 6-1-18-3)
හෙන්රිගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 11 කදී - 30/4
(රිෂාබ් පාන්ට් 13, හර්දීක් පාණ්ඩ්‍යා 04, ට්‍රෙන්ට් බෝල්ට් 6-2-15-1)
බෝල්ට්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට හර්දික් පාණ්ඩ්‍යාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 10 කදී - 24/4
(රිෂාබ් පාන්ට් 12, හර්දීක් පාණ්ඩ්‍යා 00, මැතිව් හෙන්රි 5-1-13-3)
හෙන්රිගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් නීෂම් අතට උඩ පන්දුවක් දෙමින් දිනේෂ් කාර්තික් ලකුණු 06 කට දැවී යයි.
හයවැනි පිතිකරු ලෙස හර්දීක් පාණ්ඩ්‍යා පිටියට පිවිසෙයි.
එම ඕවරයේ දෙවැනි පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 9 කදී - 19/3
(රිෂාබ් පාන්ට් 07, දිනේෂ් කාර්තික් 06, ට්‍රෙන්ට් බෝල්ට් 5-2-09-1)
බෝල්ට්ගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට දිනේෂ් කාර්තික්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 8 කදී - 13/3
(රිෂාබ් පාන්ට් 07, දිනේෂ් කාර්තික් 00, මැතිව් හෙන්රි 4-1-08-2)
හෙන්රිගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 7 කදී - 10/3
(රිෂාබ් පාන්ට් 05, දිනේෂ් කාර්තික් 00, ට්‍රෙන්ට් බෝල්ට් 4-2-03-1)
බෝල්ට්ගේ සිවුවැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ඕවර 6 කදී - 10/3
(රිෂාබ් පාන්ට් 05, දිනේෂ් කාර්තික් 00, මැතිව් හෙන්රි 3-1-05-2)
හෙන්රිගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 5 කදී - 06/3
(රිෂාබ් පාන්ට් 01, දිනේෂ් කාර්තික් 00, ට්‍රෙන්ට් බෝල්ට් 3-1-03-1)
බෝල්ට්ගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 4 කදී - 05/3
(රිෂාබ් පාන්ට් 00, දිනේෂ් කාර්තික් 00, මැතිව් හෙන්රි 2-1-01-2)
හෙන්රිගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ලොකේෂ් රාහුල් එක් ලකුණකට දැවී යයි.
පස්වැනි පිතිකරු ලෙස දිනේෂ් කාර්තික් පිටියට පිවිසෙයි.
එම ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ඕවර 3 කදී - 05/2
(ලොකේෂ් රාහුල් 01, රිෂාබ් පාන්ට් 00, ට්‍රෙන්ට් බෝල්ට් 2-1-02-1)
බෝල්ට්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරටද හසුවෙමින් විරාට් කෝලි එක් ලකුණකට දැවී යයි.
සිවුවැනි පිතිකරු ලෙස රිෂාබ් පාන්ට් පිටියට පිවිසෙයි.
එම ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ඕවර 2 කදී - 05/1
(ලොකේෂ් රාහුල් 01, විරාට් කෝලි 01, මැතිව් හෙන්රි 1-0-01-1)
දෙවැනි ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මැතිව් හෙන්රි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.
හෙන්රිගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා එක් ලකුණකට දැවී යයි.
තෙවැනි පිතිකරු ලෙස නායක විරාට් කෝලි පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 1 කදී - 02/0
(ලොකේෂ් රාහුල් 01, රෝහිත් ශර්මා 01, ට්‍රෙන්ට් බෝල්ට් 1-0-02-0)
ඉන්දීය ඉනිම ඇරඹීම සඳහා ලොකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා පිටියට පිවිසෙති.
පළමු ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.
බෝල්ට්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
තරගය ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 240 ක ඉලක්කයක් හිමිවෙයි.
....................................................................................................................................................................
ඕවර 50 කදී - 239/8
(මිචෙල් සෑන්ට්නර් 09, ට්‍රෙන්‍ට් බෝල්ට් 03, ජස්ප්‍රීට් බුම්රා 10-1-39-1)
බුම්රාගේ 10 වැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 49 කදී - 232/8
(මිචෙල් සෑන්ට්නර් 06, ට්‍රෙන්‍ට් බෝල්ට් 00, බුවනේෂ්වර් කුමාර් 10-1-43-3)
බුවනේෂ්වර්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් ටොම් ලේතම් ලකුණු 10 කට දැවී යයි.
නමවැනි පිතිකරුවා මැතිව් හෙන්රි පිටියට පිවිසෙයි.
එම වරයේ අවසන් පන්දුවේදී ලෝන්ග් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් මැතිව් හෙන්රි එක් ලකුණකට දැවී යයි.
10 වැනි පිතිකරුවා ට්‍රෙන්ට් බොල්ට් පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 48 කදී - 225/6
(ටොම් ලේතම් 10, මිචෙල් සෑන්ට්නර් 00, ජස්ප්‍රීට් බුම්රා 9-1-33-1)
ලකුණු 74 ක් ලබා සිටි රොස් ටේලර් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් වෙයි. (හයේ පහර 1 යි, හතරේ පහර 4 යි)
අටවැනි පිතිකරුවා මිචෙල් සෑන්ට්නර් පිටියට පිවිසෙයි.
බුම්රාගේ නමවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 47 කදී - 217/5
(රොස් ටේලර් 70, ටොම් ලේතම් 06, බුවනේෂ්වර් කුමාර් 9-1-36-1)
බුවනේෂ්වර්ගේ නමවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.
....................................................................................................................................................................
නොනවත්වාම ඇද කඩා වැටුණු වර්ෂාව හේතුවෙන් තරගය අද දිනට නවත්වා අතිරේක දිනය වන හෙට (10 වැනිදා) යළිත් ආරම්භ කිරීමට විනිසුරුවෝ තීරණය කරති. ඒ අනුව අද දිනයේදී තරග නතර කළ තැන සිට හෙට දිනයේදී යළිත් තරගය ආරම්භ කෙරෙනු ඇත.
....................................................................................................................................................................
ඕවර 46.1 කදී - 211/5
(රොස් ටේලර් 67, ටොම් ලේතම් 03, බුවනේෂ්වර් කුමාර් 8.1-1-30-1)
වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරයි.
....................................................................................................................................................................
ඕවර 46 කදී - 209/5
(රොස් ටේලර් 65, ටොම් ලේතම් 03, ජස්ප්‍රීට් බුම්රා 8-1-25-1)
46 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රොස් ටේලර් සූදානම්.
බුම්රාගේ අටවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.
....................................................................................................................................................................ඕවර 45 කදී - 202/5
(රොස් ටේලර් 60, ටොම් ලේතම් 01, බුවනේෂ්වර් කුමාර් 8-1-28-1)
45 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රොස් ටේලර් සූදානම්.
බුවනේෂ්වර්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 16 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
හත්වැනි පිතිකරු ලෙස ටොම් ලේතම් පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................ඕවර 44 කදී - 197/4
(රොස් ටේලර් 56, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 16, යුස්වේන්ද්‍ර චාහල් 10-0-63-1)
චාහල්‍ෙගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ රොස් ටේලර්ගෙන් තෙවැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
අවසන් පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් රොස් ටේලර් සිය 50 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.
....................................................................................................................................................................
ඕවර 43 කදී - 179/4
(රොස් ටේලර් 44, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 12, හර්දීක් පාණ්ඩ්‍යා 10-0-55-1)
පාණ්ඩ්‍යාගේ 10 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................ඕවර 42 කදී - 170/4
(රොස් ටේලර් 42, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 05, යුස්වේන්ද්‍ර චාහල් 9-0-46-1)
42 වැනි ඕවරය යැවීම සඳහා යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් සූදානම්.
චාහල්‍ෙගේ නමවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.
....................................................................................................................................................................ඕවර 41 කදී - 162/4
(රොස් ටේලර් 40, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 00, හර්දීක් පාණ්ඩ්‍යා 9-0-46-1)
41 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේම්ස් නීෂම් සූදානම්.
පාණ්ඩ්‍යාගේ නමවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේම්ස් නීෂම්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
එම ඕවරයේ අවසන් පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි දිනේෂ් කාර්තික් අතට උඩ පන්දුවක් දෙමින් ජේම්ස් නීෂම් ලකුණු 12 කට දැවී ගියේය. (හතරේ පහර 1 යි)
හයවැනි පිතිකරුවා ලෙස කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 40 කදී - 155/3
(රොස් ටේලර් 38, ජේම්ස් නීෂම් 04, ජස්ප්‍රීට් බුම්වරා 7-1-18-0)
40 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්වරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේම්ස් නීෂම් සූදානම්.
බුම්රාගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 39 කදී - 151/3
(රොස් ටේලර් 36, ජේම්ස් නීෂම් 05, බුවනේෂ්වර් කුමාර් 7-1-23-0)
බුවනේෂ්වර්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 38 කදී - 145/3
(රොස් ටේලර් 31, ජේම්ස් නීෂම් 04, හර්දීක් පාණ්ඩ්‍යා 8-0-39-0)
38 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේම්ස් නීෂම් සූදානම්.
පාණ්ඩ්‍යාගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 37 කදී - 140/3
(රොස් ටේලර් 29, ජේම්ස් නීෂම් 02, බුවනේෂ්වර් කුමාර් 6-1-17-0)
37 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රොස් ටේලර් සූදානම්.
බුවනේෂ්වර්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................ඕවර 36 කදී - 136/3
(රොස් ටේලර් 26, ජේම්ස් නීෂම් 01, යුස්වේන්ද්‍ර චාහල් 8-0-39-1)
36 වැනි ඕවරය යැවීම සඳහා යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රොස් ටේලර් සූදානම්.
චාහල්ගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් කේන් විලියම්සන් ලකුණු 67 කට දැවී යයි. (හතරේ පහර 6 යි)
පස්වැනි පිතිකරුවා ලෙස ජේම්ස් නීෂම් පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 35 කදී - 133/2
(කේන් විලියම්සන් 67, රොස් ටේලර් 24, රවින්ද්‍ර ජදේජා 10-0-34-1)
ජදේජාගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 34 කදී - 125/2
(කේන් විලියම්සන් 60, රොස් ටේලර් 23, ජස්ප්‍රීට් බුම්රා 6-1-14-1)
බුම්රාගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 33 කදී - 122/2
(කේන් විලියම්සන් 58, රොස් ටේලර් 22, රවින්ද්‍ර ජදේජා 9-0-26-1)
33 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා කැඳවයි. පන්දුව පිළිගැනීමට කේන් විලියම්සන් සූදානම්.
ජදේජාගේ නමවැනි ඕවරයටද එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 32 කදී - 121/2
(කේන් විලියම්සන් 57, රොස් ටේලර් 22, ජස්ප්‍රීට් බුම්රා 5-1-11-1)
32 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීමට කේන් විලියම්සන් සූදානම්.
බුම්රාගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
එම ඕවරය තෙවැනි පන්දුවේදී රොස් ටේලර් (ලකුණු 22 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතින් ගිළිහෙයි.
....................................................................................................................................................................
ඕවර 31 කදී - 120/2
(කේන් විලියම්සන් 56, රොස් ටේලර් 22, හර්දීක් පාණ්ඩ්‍යා 7-0-34-0)
පාණ්ඩ්‍යාගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට කේන් විලියම්සන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 30 කදී - 113/2
(කේන් විලියම්සන් 50, රොස් ටේලර් 21, යුස්වේන්ද්‍ර චාහල් 7-0-36-0)
චාහල්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට රොස් ටේලර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
පන්දු 79 කදී හතරේ පහර 4 ක් සමගින් කේන් විලියම්සන් සිය 39 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.
....................................................................................................................................................................
ඕවර 29 කදී - 105/2
(කේන් විලියම්සන් 48, රොස් ටේලර් 16, හර්දීක් පාණ්ඩ්‍යා 6-0-27-0)
පාණ්ඩ්‍යාගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 28 කදී - 99/2
(කේන් විලියම්සන් 44, රොස් ටේලර් 15, යුස්වේන්ද්‍ර චාහල් 6-0-28-0)
චාහල්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට රොස් ටේලර්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 27 කදී - 89/2
(කේන් විලියම්සන් 39, රොස් ටේලර් 10, හර්දීක් පාණ්ඩ්‍යා 5-0-21-0)
27 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනිම සඳහා කේන් විලියම්සන් සූදානම්.
පාණ්ඩ්‍යාගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 26 කදී - 85/2
(කේන් විලියම්සන් 37, රොස් ටේලර් 08, යුස්වේන්ද්‍ර චාහල් 5-0-18-0)
චාහල්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 25 කදී - 83/2
(කේන් විලියම්සන් 36, රොස් ටේලර් 07, රවින්ද්‍ර ජදේජා 8-0-25-1)
ජදේජාගේ අටවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 24 කදී - 82/2
(කේන් විලියම්සන් 36, රොස් ටේලර් 06, යුස්වේන්ද්‍ර චාහල් 4-0-16-0)
චාහල්ගේ සිවුවැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 23 කදී - 79/2
(කේන් විලියම්සන් 35, රොස් ටේලර් 04, රවින්ද්‍ර ජදේජා 7-0-24-1)
ජදේජාගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 22 කදී - 77/2
(කේන් විලියම්සන් 34, රොස් ටේලර් 03, යුස්වේන්ද්‍ර චාහල් 3-0-13-0)
චාහල්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 21 කදී - 74/2
(කේන් විලියම්සන් 33, රොස් ටේලර් 02, රවින්ද්‍ර ජදේජා 6-0-22-1)
ජදේජාගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 20 කදී - 73/2
(කේන් විලියම්සන් 32, රොස් ටේලර් 02, යුස්වේන්ද්‍ර චාහල් 2-0-11-0)
චාහල්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 19 කදී - 70/2
(කේන් විලියම්සන් 31, රොස් ටේලර් 01, රවින්ද්‍ර ජදේජා 5-0-21-1)
ජදේජාගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් හෙන්රි නිකොල්ස් ලකුණු 28 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
සිවුවැනි පිතිකරුවා ලෙස රොස් ටේලර් පිටියට පිවිසෙයි.
ජදේජාගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 18 කදී - 69/1
(හෙන්රි නිකොල්ස් 28, කේන් විලියම්සන් 31, යුස්වේන්ද්‍ර චාහල් 1-0-08-0)
18 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීමට හෙන්රි නිකොල්ස් සූදානම්.
චාහල්ගේ පළමු ඕවරයට ලකුණු 8 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 17 කදී - 61/1
(හෙන්රි නිකොල්ස් 26, කේන් විලියම්සන් 30, රවින්ද්‍ර ජදේජා 4-0-20-0)
ජදේජාගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 16 කදී - 57/1
(හෙන්රි නිකොල්ස් 25, කේන් විලියම්සන් 27, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-17-0)
පාණ්ඩ්‍යාගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 15 කදී - 55/1
(හෙන්රි නිකොල්ස් 25, කේන් විලියම්සන් 27, රවින්ද්‍ර ජදේජා 3-0-16-0)
ජදේජාගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ආරම්භය ඉතාමත් අසීරු වූ නමුත් නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමට කිසියම් ස්ථාවරයක් ගෙන ඒමට උත්සාහ කරයි.
ඕවර 7 ක් නිමාවේදී නවසීලන්තය ලබා සිටියේ ලකුණු 10 ක් පමණි. එහෙත් 8 වැනි ඕවරයේ සිට තරමක් සුභවාදීව ලකුණු රැස්කිරීමට උත්සාසහ කරන කේන් විලියම්ස් 12 වැනි ඕවරය නිමා වන විට පන්දු 32 කින් ලකුණු 20 ක් ලබාගත්ත් සහායක පිතිකරු හෙන්රි නිකොල්ස්ගේ විශ්වාසනීයත්වයත් වැඩි කරමිනි.
....................................................................................................................................................................
ඕවර 14 කදී - 52/1
(හෙන්රි නිකොල්ස් 23, කේන් විලියම්සන් 26, හර්දීක් පාණ්ඩ්‍යා 3-0-15-0)
පාණ්ඩ්‍යාගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට හෙන්රි නිකොල්ස්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 13 කදී - 44/1
(හෙන්රි නිකොල්ස් 20, කේන් විලියම්සන් 21, රවින්ද්‍ර ජදේජා 2-0-13-0)
ජදේජාගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 12 කදී - 38/1
(හෙන්රි නිකොල්ස් 15, කේන් විලියම්සන් 20, හර්දීක් පාණ්ඩ්‍යා 2-0-07-0)
පාණ්ඩ්‍යාගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 11 කදී - 34/1
(හෙන්රි නිකොල්ස් 15, කේන් විලියම්සන් 16, රවින්ද්‍ර ජදේජා 1-0-07-0)
11 වැනි ඕවර යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කේන් විලියම්සන් සූදානම්.
ජදේජාගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට හෙන්රි නිකොල්ස්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 10 කදී - 27/1
(හෙන්රි නිකොල්ස් 10, කේන් විලියම්සන් 14, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-03-0)
10 වැනි ඕවර යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කේන් විලියම්සන් සූදානම්.
පාණ්ඩ්‍යාගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 9 කදී - 23/1
(හෙන්රි නිකොල්ස් 10, කේන් විලියම්සන් 12, බුවනේෂ්වර් කුමාර් 5-1-13-0)
බුවනේෂ්වරගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 8 කදී - 18/1
(හෙන්රි නිකොල්ස් 10, කේන් විලියම්සන් 07, ජස්ප්‍රීට් බුම්රා 4-1-10-1)
බුම්රාගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට හෙන්රි නිකොල්ස්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 7 කදී - 10/1
(හෙන්රි නිකොල්ස් 03, කේන් විලියම්සන් 06, බුවනේෂ්වර් කුමාර් 4-1-8-0)
බුවනේෂ්වරගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 6 කදී - 08/1
(හෙන්රි නිකොල්ස් 03, කේන් විලියම්සන් 04, ජස්ප්‍රීට් බුම්රා 3-1-2-1)
බුම්රාගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 5 කදී - 07/1
(හෙන්රි නිකොල්ස් 03, කේන් විලියම්සන් 03, බුවනේෂ්වර් කුමාර් 3-1-6-0)
බුවනේෂ්වරගේ තෙවැනි ඕවරයට ලකුණ 5 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 4 කදී - 02/1
(හෙන්රි නිකොල්ස් 00, කේන් විලියම්සන් 01, ජස්ප්‍රීට් බුම්රා 2-1-1-1)
බුම්රාගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි නායක විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් මාටින් ගප්ටිල් එක් ලකුණකට දැවී යයි.
තෙවැනි පිතිකරු ලෙස නායක කේන් විලියම්සන් පිටියට පිවිසෙයි.
බුම්රාගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 3 කදී - 01/0
(මාටින් ගප්ටිල් 01, හෙන්රි නිකොල්ස් 00, බුවනේෂ්වර් කුමාර් 2-1-01-0)
බුවනේෂ්වරගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 2 කදී - 00/0
(මාටින් ගප්ටිල් 00, හෙන්රි නිකොල්ස් 00, ජස්ප්‍රීට් බුම්රා 1-1-00-0)
දෙවැනි ඕවර යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෙන්රි නිකොල්ස් සූදානම්.
බුම්රාගේ පළමු ඕවරයද නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ඕවර 1 කදී - 00/0
(මාටින් ගප්ටිල් 00, හෙන්රි නිකොල්ස් 00, බුවනේෂ්වර් කුමාර් 1-1-00-0)
නවසීලන්ත ඉනිම ඇරඹීම සඳහා මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකොල්ස් පිටියට පිවිසෙති.
පළමු ඕවර යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මාටින් ගප්ටිල් සූදානම්.
බුවනේෂ්වර්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.
....................................................................................................................................................................
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පොරතුව බොහෝ දෙනාගේ කතාබහ වූයේ වසර 48 ක එක්දින තරග ඉතිහාසයේ පළමු වතාවට ලකුණු 500 ඉක්මවා ගිය තරගය මෙම තරගාවලියේදී වාර්තා වනු ඇති බවයි.
එහෙත් එංගලන්ත - ඇෆ්ඝනිස්තානු තරගය හැරුණු විට පන්දු යවන්නෝත් මෙම තරගාවලියේදී තම තමන්ගේ තරම පෙන්වූහ. මේ වන විට තරගාවලිය මාස එක හමාරකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බැවින් සහ තණතීරු මාස එක හමාරකට ආසන්න කාලයක් භාවිතා කර ඇති බැවින්, දෙවැනි වර පන්දුවට පහර දීම එන්න එන්නම අසීරු වී තිබේ.
එබැවින් කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීම පුදුම වීමට කාරණයක් නොවේ.
....................................................................................................................................................................
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, රිෂාබ් පාන්ට්, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, යුස්වින්ද්‍ර චාහල් සහ ජස්ප්‍රීට් බුම්රා
නවසීලන්ත කණ්ඩායම
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, හෙන්රි නිකොල්ස්, රොස් ටේලර්, ටොම් ලේතම්, ජේම්ස් නීෂම්, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සෑන්ට්නර්, ලොකී ෆර්ගියුසන්, මැතිව් හෙන්රි සහ ට්‍රෙන්ට් බෝල්ට්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.