Last Update  :  2024-03-27 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය තෙවැනි ජයත් ලබයි

නවසීලන්තය තෙවැනි ජයත් ලබයි

editorial - 2019 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේම්ස් නීෂම් (31/5) සහ ලොකි ෆර්ගසන්ගේ (37/4) අනගි පන්දු යැවීම නිසා ටෝන්ටන්හිදී ඊයේ (08) රාත්‍රී පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු හතකින් ඇෆ්ගනිස්තානය පරාජය කළහ. මෙය නවසීලන්තය මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය වේ. 
 
නවසීලන්තය මේ වන විට අපරාජිතව ප්‍රසාද ලකුණු හයක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටියි. මෙම පරාජයත් සමඟ ඇෆ්ගනිස්ථානය මෙතෙක් සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව සිටියි. 
 
ලකුණු 173 ක ජයග්‍රාහි ඉලක්කය නවසීලන්ත පිතිකරුවෝ ඕවර 32.1 කදී කඩුලු තුනක් පමණක් දැවී පහසුවෙන් පසුකර ගියහ. නායක කේන් විලියම්සන් පන්දු 99 කදී හතරේ පහර නවයක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස් කිරීමට සමත් විය.
 
ඇෆ්ගනිස්ථාන් වේග පන්දු යවන ක්‍රීඩක අෆ්ටාබ් අලාම් ඉනිමේ පළමු පන්දුවේදීම ප්‍රබල පිතිකරු මාටින් ගප්ටිල් දවාගනිමින් හොඳ ආරම්භයක් ලබාදුන්නද, කේන් විලියම්සන් සහ රොස් ටේලර් (48) තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 89 ක සම්බන්ධතාව ජයග්‍රහණයේ පදනම විය. 
 
ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 172 ක සීමාකිරීමේදී ජේම්ස් නීෂම් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු පහක් දවාගැනීමට සමත් විය. ලොකි ෆර්ගසන් ලකුණු 37 කට කඩුලු හතරක් දවාගත්තේය. 
 
ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවන් වූ හෂ්රතුල්ලා ශෂායි (34) සහ නූර් අලි සද්‍රාන් (31) ලකුණු 66 ක සම්බන්ධතාවක් පැවැත්වුවද පන්දු 10 ක් තුළ කඩුලු තුනක් බිඳ වැටීමෙන් ලකුණු 66 කට කඩුලු තුනක් බවට පත්වීමෙන් අමාරුවේ වැටුණි. 
 
අංක 4 පිතිකරු හෂ්මතුල්ලා ශහිදි පන්දු 99 ක් කඩුල්ල ආරක්‍ෂාකරගනිමින් ලකුණු 59 ක් රැස්කර අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය. හෂ්මතුල්ලා ශහිදිගේ ඉනිමට හතරේ පහර නවයක් ඇතුළත් විය. 
 
ඇෆ්ගනිස්තානයේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක කඩුලු රකින මොහොමඞ් ශෂාඞ් ආබාධයකට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර මෙම තරගයේදී කඩුලු රකින්නා ලෙස ඉක්‍රම් අලීකිල් කටයුතු කළේය. 
 
මොහොමඞ් ශෂාඞ් ආරම්භක පිතිකරුවාද වන අතර සෑම විටම ක්‍රීඩාංගණය තුළදී ඔහු උපදේශකයකු බවට පත්වීම නිරන්තරයෙන් සිදුවන්නකි. මෙම තරගයේදී ඔහු නොමැති වීම ඇෆ්ගනිස්තානයට විශාල පාඩුවක් බවට පත්ව තිබිණ. 
 
ලකුණු පුවරුව
ඇෆ්ගනිස්තානය
හෂ්රතුල්ලා ශෂායි - ඇ. මුන්රෝ ප. නිෂාම් 34 (28)
නූර් අලි ශද්‍රාන් - ඇ. ලෙතම් ප. ෆර්ගසන් 31 (38)
රහමට් ෂා - ඇ. ගප්ටිල් ප. නිෂාම් 0 (04)
හෂ්මතුල්ලා ශහිදි - ඇ. හෙන්ද්‍රි ප. ෆර්ගසන් 59 (99)
ගුල්බදීන් නයිබි - ඇ. ලෙතම් ප. නිෂාම් 4 (04)
මොහොමඞ් නබී - ඇ. ලෙතම් ප. නිෂාම් 9 (24)
නජිබුල්ලා ශද්‍රාන් - ඇ. ලෙතම් ප. නිෂාම් 4 (03)
ඉක්‍රම් අලීකිල් - ඇ. ගප්ටිල් ප. ග්‍රැන්ඞ්හොමි 2 (22)
රෂීඞ් ඛාන් - ප. ෆර්ගසන් 0 (04)
අෆ්ටාබ් අලාම් - ඇ. ලෙතම් ප. ෆර්ගසන් 14 (10)
හමීඞ් හසන් - නොදැවී 7 (11)
අතිරේක 8
එකතුව ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 172
කඩුලු වැටීම:
1-66(ශෂායි), 2-66(නූර් අලි ශද්‍රාන්), 3-66(ෂා), 4-70(නයිබ්), 5-105(නබී), 6-109(නජිබුල්ලා ශද්‍රාන්), 7-130(අලිකිල්), 8-131(රෂීඞ්), 9-147(අලාම්), 10-172(ශහිදි)
පන්දු යැවීම:
මැට් හෙන්රි: 8-0-50-0, ටේ‍රන්ට් බෝල්ට්: 10-0-34-0, ලොකි ෆර්ගසන්: 9.1-3-37-4, ජේම්ස් නීෂම්: 10-1-31-5, කොලින් ඩී ග්‍රැන්ඞ්හොම්: 4-1-14-1 
 
නවසීලන්තය
මාටින් ගප්ටිල් - ඇ. නජිබුල්ලා ශද්‍රාන් ප. අලාම් 0 (01)
කොලින් මුන්රෝ - ඇ. හසන් ප. අලාම් 22 (24)
කේන් විලියම්සන් - නොදැවී 79 (99)
රෝස් ටේලර් - ප. අලාම්  48 (52)
ටොම් ලෙතම් - නොදැවී 13 (18)
අතිරේක 11
එකතුව ඕවර 32.1 කදී කඩුලු 3 ක් දැවී 173
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: 
ජේම්ස් නිෂාම්, කොලින් ඩී ග්‍රැන්ඞ්හොමි, මිචෙල් සෑන්ටර්, මැට් හෙන්ද්‍රි, ලොකි ෆර්ගසන්, ටේ‍රන්ට් බෝල්ට්
කඩුලු වැටීම:
1-0(ගප්ටිල්), 2-41(මුන්රෝ), 3-130(ටේලර්)
පන්දු යැවීම:
අෆ්ටාබ් අලාම්: 8.1-0-45-3, හමීඞ් හසන්: 7-0-30-0, ගුල්බදීන් නයිබි: 9-1-55-0, මොහොමඞ් නබී: 3-0-18-0, රහමට් ෂා: 5-0-21-0
තරගයේ වීරයා: ජේම්ස් නීෂම් (නවසීලන්තය)
 
- 048

අදහස් (0)

නවසීලන්තය තෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.