Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුවන් ප්‍රදීප් තුවාල ලබයි

නුවන් ප්‍රදීප් තුවාල ලබයි

editorial - 2019 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ අතේ පන්දුවක් වැදීම නිසා ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

බ්‍රිස්ටල් නුවරදී අද (09) පැවැති පුහුණු සැසිය අතරතුරදී ප්‍රදීප්ගේ දකුණු අතේ සුළඟිල්ල තුවාල වී ඇති අතර ඔහුගේ එම ඇඟිල්ලට දැඩිහානි සිදුවී ඇති බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

ප්‍රදීප් පුහුණු තීරුවේදී කුසල් ජනිත්ට යැවූ පන්දුවකට ගැසූ වේගවත් පහරකින් ඇදී ගිය පන්දුව ප්‍රදීප්ගේ මුහුණට දෙසට පැමිණි අවස්ථාවේදී එය අතින් වැලැක්වීමට යෑමේදී ඇඟිල්ලේ වැදී තිබේ. එහිදී ඇඟිල්ලෙන් දැඩිව රුධිරය වහනය වූ බව එම ස්ථානයේ සිටි අයෙක් පැවසීය.

මෙම ආබාධිත තත්වය හේතුවෙන් ප්‍රදීප්ට ලබන 11 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

දකුණතින් වේග පන්දු යවන ප්‍රදීප්ගේ දකුණු අතේ සුලැඟිල්ල තුවාල තිබූ ආකාරයට ඔහු තව දුරටත් ලෝක කුසලාන තරගාවලියේ රැදී සිටීම අවිනිශ්චිත බවද වාර්තා වේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ප්‍රදීප් තුවාල ලැබූ බව තමන්ට දැනුම්දී ඇති බවයි.

ප්‍රදීප් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයේදී කඩුලු හතරක් දවාගනිමින් තරගයේ වීරයා සම්මාන ද හිමිකරගත්තේය.  

- 048


අදහස් (0)

නුවන් ප්‍රදීප් තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.