Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෝනිගෙන්ම අහන්න

දෝනිගෙන්ම අහන්න

editorial - 2019 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ සුවිශේෂී කඩුලු රකින්නා වන මහේන්ද්‍ර සිං දෝනි ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන්නේද නැද්ද යන්න කළ විමසීමේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතාගේ සෘජු පිළිතුර වී ඇත්තේ “කරුණාකර දෝනිගෙන්ම අහන්න” යන්නයි.

අද (1 වැනිදා) පැවැති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ 88 වන වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පුවත්පත් වාර්තාකරුවකු විසින් ගංගුලි මහතාගෙන් වීමසීමේදී ඔහු එසේ පවසා ඇත.

පසුගිය ජූලි මාසයේ එංගලන්තයේදී පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව දෝනි ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවී නැත. ඔහු බටහිර ඉන්දීය කොදෙව් සංචාරයටත්,  දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට කණ්ඩායම් වලට එරෙහි ඉන්දියාවේදී පැවැති තරගාවලියන්ට සහභාගී නොවීය.

ජනවාරි දක්වා ඔහුගෙන් අසන කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදෙන බව දෝනි පවසා ඇත.

මේ වන විට 38 හැවිරිදි වියේ සිටින දෝනී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරයි. එහෙත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දෙසැම්බර් 6 වැනිදා පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහාත් දෝනි තෝරාගෙන නැත.

ජාතික තේරීම් කමිටු සභාපති එම්.එස්.කේ ප්‍රසාද් මහතා කමිටුව හමුවේ මෙය නිරාකරණය කරගැනීම සඳහා උත්සාහ දරන අතර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලානය මනසේ තබා ගනිමින් රිෂාබ් පාන්ට් වැනි තරුණයින්ට අවස්ථාව දියයුතු බව දෝනි දන්නා බව පැවසීය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ නමක් දිනාගත් ජේෂ්ඨ්‍යයන් අතර ඉහළින්ම සිටින දෝනි ලෝක කුසලාන දෙකක් ඉන්දියාවට දිනා දුන් එකම නායකයාය. 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිලට ජයග්‍රහණය කරවූ දෝනි 2011 වසරේදී ඉන්දියාවේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ජයග්‍රාහී හයේ පහර ගැසූ ක්‍රීඩකයා විය.

 

...


අදහස් (1)

දෝනිගෙන්ම අහන්න
  • Sidath Monday, 02 December 2019 10:01 AM

    2007 ලෝක කුසලානයේ ෆයිනල් ආවෙ ලංකාවයි, ඕස්ට්‍රේලියාවයි. දෝනියෙක් කොහෙද හිටියෙ ????

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.