Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තාත්තා බලා සිටියදී ස්ටුවර්ට් කඩුලු 500 කඩයිම පනී

තාත්තා බලා සිටියදී ස්ටුවර්ට් කඩුලු 500 කඩයිම පනී

දමින්ද විජේසූරිය - 2020 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුකරගනිමින් ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය 500 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. ස්ටුවර්ට් බ්‍රෝඞ් ටෙස්ට් කඩුලු 500 කඩයිම කරා ළඟා වූ සිව්වැනි වේග පන්දු යවන්නාය. 

ජෛව ආරක්ෂණ විධිවිධාන හේතුවෙන් මධ්‍යස්ථ විනිසුරුවරුන් හෝ තරග තීරකවරුන් මෙම තරගාවලියට සම්බන්ධ කර නොගැනීම හේතුවෙන් තම පියා වන එංගලන්ත පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස්ටෝපර් බ්‍රෝඞ්ගේ දෑස් අබියසදීම ස්ටුවර්ට් මෙම අපූර්ව සන්ධිස්ථානය පසුකළේය. ක්‍රිස්ටෝපර් මෙම තරගයේ තීරකවරයායි. 

තවමත් ක්‍රීඩා පිටියේ රැඳී සිටින වේග පන්දු යවන්නන් අතුරින් කඩුලු 500 කඩයිමට ඉතාම ආසන්නයේ සිටින වේග පන්දු යවන්නා වන්නේ ටෙස්ට් කඩුලු 297 ක හිමිකරුවා වන ඉෂාන්ත් ෂර්මාය. 

බ්‍රෝඞ්ගේ දස්කම් හේතුවෙන් තරමක් සසළ වූවත්, මේ වන විට ටෙස්ට් කඩුලු 589 දවාගනිමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින ජිමී ඇන්ඩර්සන් පවසන්නේ තමන්ගේ වාර්තාව අනතුරේ පවතින බවයි. මේ වන විට 37 වියේ පසුව ජේම්ස් ඇන්ඩසන් සිය තරග දිවියේ අවසානය කරා පියමං කරමින්  සිටින නමුත් 34 හැවිරිදි බ්‍රෝඞ්ට තවත් කාලයක් ක්‍රිකට් පිටියේ රැඳී සිටිය හැකිවනු ඇත. 

වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නන් අතරේ ඉහළින්ම සිටින ඇන්ඩර්සන් ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසුවේ තම කණ්ඩායම් සගයා කෙරෙහි ඉතාමත් සතුටට පත්වන බවයි. තනි පුද්ගල ගෞරවයට වඩා කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රමුඛතාවය දිය යුතු බව කියා සිටින ඇන්ඩසන් විශ්වාස කරන්නේ බ්‍රෝඞ්ට පහසුවෙන්ම තමා පසුකර යා හැකි බවයි.

“කඩුලු වැටෙන එක වෙලාවට සිද්ධ වේවි. ඔහු මේ ආකාරයෙන් ඉදිරියට ගියහොත් පහසුවෙන්ම මගේ වාර්තාව කරා යා හැකියි” ඇන්ඩර්සන් පැවසීය.

“මගේ වයස (37) වන තුරු ඔහුට ක්‍රීඩා කළ නොහැක්කේ මන්දයි ඔහු අසා තිබුණා. ඒක හොඳ ප්‍රශ්නයක්.. ඔහු මනා ශාරීරික යෝග්‍යතාවකින් ඉන්නවා...ඔහුට ඉදිරියට යමින්, අවශ්‍ය තරම් කඩුලු දවාගන්න පුළුවන්” යයිද ඇන්ඩසන් පැවසීය. 

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඕල්ඞ් ට්‍රැෆර්ඞ්හිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (28 වැනිදා) බ්‍රෝඞ් කඩුලු 500 සන්ධිස්ථානයට පැමිණියේය. අහම්බෙන් මෙන්, වසර දෙකකට ඉහතදී, ජේම්ස් ඇන්ඩසන්ගේ 500 වැනි ටෙස්ට් කඩුල්ල වූයේද කොදෙව් පිලේ ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ය. 

ස්ටුවර්ට් බ්‍රෝඞ් ටෙස්ට් කඩුලු 500 කඩයිම පසුකළ සිව්වන වේග පන්දු යවන්නාය. එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් (කඩුලු 589), ඕස්ටේ්‍රලියාවේ ග්ලෙන් මැග්‍රාත් (563) සහ බටහිර ඉන්දීය පිලේ කර්ට්නි වොල්ෂ් (519) ටෙස්ට් කඩුලු 500 ඉක්මවා ගිය සෙසු පන්දු යවන්නෝ වෙති. වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ ඉහළින්ම සිටින්නේ මුත්තයියා මුරලිදරන් (800). ෂේන් වෝන් (708) සහ අනිල් කුම්බල් (619) ලයිස්තුවේ ඉහළින්ම සිටිති. 

2017-18 අළු බඳුන තරගාවලියේදී තරමක් අසාර්ථක කාල පරිච්ඡේදයකින් පසුව බ්‍රෝඞ් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත විය. ඔහු පසුගිය වසරේ අළු බඳුන තරගාවලියේදී ඕස්ටේ්‍රලියාවේ හොඳම පිතිකරුවා වන ඩෙවිඞ් වෝනර්ව මහත් සේ අසරණ කළේ 9 වතාවක්ම ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවා ආපසු ක්‍රීඩාගාරයට යවමිනි.


අදහස් (0)

තාත්තා බලා සිටියදී ස්ටුවර්ට් කඩුලු 500 කඩයිම පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.