Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගාවලිය දිනන එක අනිවාර්යයි

තරගාවලිය දිනන එක අනිවාර්යයි

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ ඉක්මන් කාර්යභාරය පැහැදිළිකිරීම සඳහා පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අදහස් දක්වමින්.. කමිටු සාමාජිකයන් වන උචිත වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සහ තාක්‍ෂණික උපදේශක කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
(ඡායාරූප : ළහිරු හර්ෂණ)

 

--------------------------
දමින්ද විජේසූරිය
--------------------------

මේ මස 12 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගැනීම මිස වෙනත් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අනිවාර්ය නොවන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලුම දෙනාට මේ මස 11 වැනිදා කොරෝනා මර්ධන එන්නත ලබාදීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රීඩකයකුට බලකිරීමක් නොකෙරෙන නමුත් බංග්ලාදේශ තරගාවලිය ජයගන්නා ලෙස තමන් කණ්ඩායමෙන් ඉල්ලා සිටින බවත් ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“තරගාවලිය දිනන එක මිසක් අනෙක් කිසිම දෙයක් අනිවාර්ය නෑ.. අපි මේ සෙල්ලම් කරන්න යන්නේ බංග්ලාදේශයත් එක්ක. ඒ නිසා මේ තරගාවලිය කොහොම හරි දිනන්න කියලා මම කණ්ඩායමෙන් ඉල්ලනවා” යයිද මහාචාර්යවරයා පැවසීය.

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ කාර්යභාරය පැහැදිළි කිරීම සඳහා අද (බදාදා) පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හමුවේ පවතින වඩාත්ම කඩිනම් වගකීම සම්බන්ධයෙන් පැහැදිළි කරමින් එසේ පැවසීය.

“ජෛව ආරක්‍ෂිත බුබුලක තමයි අපි මේ තරගාවලිය තියන්න යන්නේ.. ඒකට කටයුතු සේරම ලෑස්ති කරලා තියෙන්නේ” යයි පැවසූ මහාචාර්යවරයා...

“අපි වෛද්‍යවරයෙක් නිරන්තරයෙන්ම කණ්ඩායමේ රඳවනවා. ඒත් මේ ජෛව ආරක්‍ෂිත බුබුලේ ඉන්න එක ටිකක් අමාරුයි. ඒ නිසා අපි වෛද්‍යවරයා මාරු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ජෛව ආරක්‍ෂිත බුබුල නිසි පරිදි පවාත්වාගෙන යන්න අපට යුද හමුදාවෙන් විශාල සහයෝගයක් ලැබෙනවා” යයිද පැවසීය.

පසුගිය වසර අවසානයේදී පැවැති එල්.පී.එල්. තරගාවලියේදීත් මෙන්ම මෑතකදී තවත් අවස්ථා කිහිපයකදීම ජෛව ආරක්‍ෂක බුබුලුවල යම් යම් බිඳ වැටීම් තිබුණු බවත් මහාචාර්යවරයා පැවසීය. එහෙත් වාසනාවකට මෙන් ඒවායින් ප්‍රශ්නයක් ඇති නොවූ බවද කළමණාකරණ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පල්ලෙකැළේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ප්‍රේක්‍ෂකයන්ට විවෘත නොකෙරෙන නමුත් දැඩි කොන්දේසි ඇතිව මාධ්‍ය නියෝජිතයන්ට එහි යා හැකි බවද හෙතෙම පැවසීය.

වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය මහතා අද (7 වැනිදා) සිටම ජාතික කණ්ඩායම වෙනුවෙන් අනුයුක්ත කර තිබේ. ඔහු කණ්ඩායම සමගින් නිරන්තරයෙන් රැඳී සිටිමින්, ක්‍රීඩකයන්ගේ පෝෂණය, ශාරීරික අබාධ ඇතුළු වෛද්‍ය කටයුතු සම්බන්ධයෙන් සොයා බලනු ඇත. ඊට අමතරව ක්‍රීඩා මනෝවිද්‍යාඥයකු ද කණ්ඩායමට එකතු කිරීමටද නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ගිවිසුම් අත්සන් කිරීමටද තිබේ. එහෙත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් කළමණාකරණ කමිටුවද තව දුරටත් විමසා බැලිය යුතු තතත්වයක් තිබෙන බැවින් ඒ සඳහා තවත් දන කිහිපයක් යනු ඇතැයි ද මහාචාර්යවරයා පැවසීය.


අදහස් (1)

තරගාවලිය දිනන එක අනිවාර්යයි
  • සේනක~ඉතාලිය Wednesday, 07 April 2021 07:22 PM

    බලාගෙන, පළමුව තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගන්න බලන්න. වෛද්‍යවරුනි, පුද්ගලික මාධ්‍යය ඉස්සරහ අඹු සැමියන් වශයෙන් හැසිරෙන්න එපා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.