Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජොෆ්රා ආචර් ඕන දේකට සූදානම්

ජොෆ්රා ආචර් ඕන දේකට සූදානම්

editorial - 2020 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලේ වේග පන්දු යවන්නා වන ජොෆ්රා ආචර්ගේ දකුණු වැලමිට දැන් සම්පූර්ණ සුවය ලබා ඇති බව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී තිබේ. අවශ්‍ය වුවහොත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ තරග තුනටම ක්‍රීඩා කිරීමට ඔහු සූදානම්ව සිටී.

මේ වසර මුලදී පැවැති එංගලන්ත පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ආචර්ගේ දකුණු වැලමිට ආබාධයකට ලක්විය. පසුව කෝවිඩ් -19 වසංගතය ඇතිවීමට පෙර පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සංචාරයෙන් සහ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ආචර්ට සිදුවිය. කෙසේ වෙතත් දකුණු වැලමිට තවදුරටත් තමන්ට කරදර නොකරන බව ඔහු දැන් හෙළි කර තිබේ.

“පසුගිය දෙසතියේ පුහුණුවීම් ඊට පෙර  සති කිහිපයේ පුහුණුවීම්වලට වඩා බොහෝ වෙනස්. පුහුණුවීමේ තීව්‍රතාවය නොදැනුවත්වම ඉහළ යනවා“ යයි ජොෆ්රා ආචර් එංගලන්තයේ ඩේලි මේල් පුවපත් වෙනුවෙන් ලියන ලිපියේ සටහන් කර තිබේ.

“එයින් අදහස් කරන්නේ මගේ පළමු සැසිය අවසන් වන විට මම පන්දු යැවීම ආරම්භ කරන බවයි. දීර්ඝ කාලයකින් පස්සේ මට අවශ්‍යවූයේත් ඒකමයි.... නැවත තරඟ බිමට යාමට සූදානම් වන විට මේ මොහොතේ මා සිටිය යුතු තැන මට දැනේ....“ යයිද ආචර් ලියා තිබිණ.

“පන්දු යැවීම ක්‍රමයෙන් දියුණු වුණා... “
“මාර්තු මාසයේදී රට අගුලු දැමීමේදී මගේ වැලමිට ආබාධයට ලක්ව සිටියත්, මම අනෙක් එංගලන්ත ටෙස්ට් පන්දු යවන්නන්ට සමාන වගකීමක් දැරිය යුතුයි.....පළමු දින කිහිපය තුළ මම ඕවර 4 ක් පන්දු යැව්වා. දෙවන සතියේදී මම එය ඕවර 6 දක්වා වැඩිකළා...., සති කිහිපයකට පස්සේ එය වරකට ඕවර 5 සිට 6 දක්වා වන පන්දු යැවීමේ වාර දෙකක් බවට පත්වුණා“ යයිද ආචර් පවසයි.

25 හැවිරිදි වේග පන්දු යවන්නා පසුගිය සතියේ වැලමිටේ ස්කෑන් පරීක්ෂණයක් සඳහා මුහුණ දුන්නේය. එම වාර්තාවෙන් තහවුරු වූයේ ඔහු අස්ථි පිපිරීමෙන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටින බවයි. කෙසේවෙතත් ඔහු ටෙස්ට් තරග තුන සඳහාම ක්‍රීඩා නොකිරීමට ඉඩ තිබේ. ඊට හේතුව ටෙස්ට් තරග තුනම ඉතා කෙටි කාලයක් තුළ පැවැත්වීමයි.

ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට මහ මෙහෙවරක් කළ ජොෆ්රා ආචර් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් බාර්බඩෝස්හි උපත ලැබූවෙකි. ඔහු බටහිර ඉන්දිය කොදෙව් 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළද ජූලි 8 වැනිදා ආරම්භ වන කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ආචර් සමග මිතුරුකම් බලාපොරොත්තු නොවිය යුතු බව කොදෙව් පිලේ වේග පන්දු යවන්නකු වන කෙමර් රෝච් පසුගියදා කියා සිටියේය.  

 - 213


අදහස් (0)

ජොෆ්රා ආචර් ඕන දේකට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.