Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයසූරිය නැවතත් පිටියට

ජයසූරිය නැවතත් පිටියට

editorial - 2021 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධන කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාවේදී පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ප්‍රවේගකාරී වමත් පිතිකරු සනත් ජයසූරීය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩාය සමගින් එක්වන බව තහවුරු කර තිබේ.

රොමේෂ් කළුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු, චමින්ද වාස්, උපුල් චන්දන සහ සචිත්‍ර සේනානායක ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට සනත් ජයසූරිය, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, චින්තක ජයසිංහ සහ රසල් ආනල්ඩ් කණ්ඩායමට එක්වී සිටිති. 

පළමුව කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සනත් ජයසූරියගේ සහභාගීත්වය අවිනිශ්චිතව තිබුණද පසුව ඔහු තරගාවලියට එක්වන බව තහවුරු කළේය. තවත් ප්‍රධාන පෙලේ විශ්‍රාමික ක්‍රිඩකයෙකු තරගාවලියට සහභාගි වන බවට ඉඟි පළකර ඇති නමුත් ඔහුගේ සහභාගීත්වය තවමත් තහවුරු කර නොමැත.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ෂාන් කටයුතු කරනු ඇත.

ක්‍රිකට් තරගාවලිය යළිත් මාර්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවේ රායිපූර් හිදි ආරම්භ කිරීමට නියමිතව ඇත. මූලික වටයේදී සියලුම කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමගින් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මාර්තු මස 21 වැනිදා රායිපූර් හිදී පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය
තිලකරත්න ඩිල්ශාන් (නායක), සනත් ජයසූරිය, චාමර කපුගෙදර, මලින්ද වර්ණපුර, දුලාංජන විජේසිංහ, රසල් ආනල්ඩ්, තිලාන් තුෂාර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ්, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, චින්තක ජයසිංහ


අදහස් (0)

ජයසූරිය නැවතත් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.