Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිල බලාපොරොත්තු රඳවාගනී

චෙන්නායි පිල බලාපොරොත්තු රඳවාගනී

editorial - 2020 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී අඟහරුවාදා  පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 20 ජයක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තවදුරටත් තරගාවලිය තුළ රැදී සිටීමේ බලාපොරොත්තු රඳවාගැනීමට සමත් විය. මෙම තරගයට පෙර තරග 5 ක් පරාජය වී සිටි චෙන්නායි කණ්ඩායම මෙම තරගයෙන්ද පරාජයට පත්වුයේ නම් ඔවුන්ට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ඇති අවස්ථාව ඉතා අල්ප වනු ඇත.  

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. ඩ්වේන් බ්‍රාවෝ සහ කරන් ශර්මා කඩුලු 2 බැගින් දවාගනිමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. ශර්දුල් ඨාකූර්, සෑම් කරන් සහ රවින්දු ජදේජා කඩුල්ල බැගින් දවාගනිමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය සැපයූහ.

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කේන් විලියම්සන් පන්දු 39 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 57 ක්  රැස්කළ අතර ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ පන්දු 24 කදී ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ෂේන් ‍වොට්සන් (42)  සහ අම්බටි රයියදු (41) සමත් වූහ. පන්දු 38 කට මුහුණදුන් වොට්සන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ රයියදුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

සෑම් කරන් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හ‍තරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද, රවින්ද්‍ර ජදේජා පන්දු 10 කදී හයේ  පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද, නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 13 කදි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 167
(සෑම් කරන් 31, ෂේන් වොට්සන් 42, අම්බටි රයිඩු 41, මහේන්ද්‍ර සිං දෝනි 21, රවින්ද්‍ර ජදේජා නොදැවී 25, සන්දීප් ශර්මා 19/2, ටී. නටරාජන් 41/2, කලීල් අහමඩ් 45/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 147
(ජොනී බෙයාස්ටෝ 23, කේන් විලියම්සන් 57, ප්‍රියම් ග්‍රාග් 16, රෂීඩ් ඛාන් 14, ඩ්වේන් බ්‍රාවෝ 25/2, කරන් ශර්මා 37/2)

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)

-036


අදහස් (0)

චෙන්නායි පිල බලාපොරොත්තු රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.