Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව commonwealth ජානක දුර පැනීමේ අවසන් තරගයට

ජානක දුර පැනීමේ අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ජානක විමලසිරි සමත් විය.

තරගාවලියේ හයවැනි දිනය වන අද (10 වැනිදා) පැවති දුර පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී මීටර් 7.84 ක දුරක් පනිමින් ජානක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

සුදුසුකම් ලබාගැනීමේ වටයේ දෙවැනි තරගයේ 5 වැනි ස්ථානයට පත්වූ ජානක, අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් අතර  10 වැනි ස්ථානයේ පසුවෙයි.

ජානක සහභාගි වන අවසන් මහ තරගය හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිත අතර ඊට  ක්‍රීඩකයෝ 12 දෙනෙක් සහභාගි වෙති.

- 036


අදහස් (0)

ජානක දුර පැනීමේ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.