Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton හැලඹගේ අනුස්මරණ තරග 10 -14

හැලඹගේ අනුස්මරණ තරග 10 -14

Nisanka Sandeepani - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රේමසිරි හැලඹගේ අනුස්මරණ කුසලාන විවෘත ශ්‍රේණිගත කිරීමේ  බැඞ්මින්ටන් තරගාවලිය ජනවාරි මස 10 සිට 14 දක්වා අම්බලන්ගොඩදී පැවැත්වේ.

දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය පළමුවරට සංවිධානය කරනු ලබන මෙම බැඞ්මින්ටන්  තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන්  පිරිනමනු ලබන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ පහකි. ඊට අමතරව ජයග්‍රාහකයන්ට බැඞ්මින්ටන් ක්‍රීඩා උපකරණ කට්ටලද පිරිනමනු ලබන බව තරග සංවිධායක හැලඹගේ කුමාර මහතා කියයි.

තරගාවලිය වයස 11න් පහළ, 13න්පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ සහ විවෘත  යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර කේවල, යුගල, මිශ්‍ර යන කාණ්ඩ වලින් තරගාවලිය පැවැත්වේ.
                    

තරගාවලිය අම්බලන්ගොඩ ධර්මාශෝක සහ  නගර සභා ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගන දෙකේදී පැවැත්වීමට නියමිතය.

මේ තරගාවලිය සදහා අවශ්‍ය වැඩි විස්තර තරග සංවිධායක හැලඹගේ කුමාර මහතා (0777938353) අමතා ලබා ගත හැකිය.

 


අදහස් (0)

හැලඹගේ අනුස්මරණ තරග 10 -14

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.