Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සසිඳු - හසිනි ජාතික කනිෂ්ඨ ශූරතා දිනති

සසිඳු - හසිනි ජාතික කනිෂ්ඨ ශූරතා දිනති

ශනුක අරවින්ද - 2017 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 65 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ බාලක සහ බාලිකා කනිෂ්ඨ ශූරතා දිනාගැනීමට රන්තුෂ්ක සසිඳු සහ හසිනි අම්බලන්ගොඩගේ සමත් වූහ.

වයස 19 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස රෂාන් මෙන්ඩිස් පරාජය කරමින් රන්තුෂ්ක මෙවර ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය.

හසාරා මෙවර ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වූයේ වයස 19 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.

තරග ප්‍රතිඵල (බාලක)

වයස 13 න් පහළ කේවල
මන්තුක රූපසිංහ විසින් තරග වට 2-1 ක් ලෙස සංජන දේවසුරේන්ද්‍ර පරාජය කරන ලදි. (15/12, 17/19, 15/12)

වයස 15 න් පහළ කේවල
දුමිඳු අබේවික්‍රම විසින් තරග වට 2-1 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරන ලදි. (21/18, 17/21, 24/22)

වයස 17 න් පහළ කේවල
ලෝචන ද සිල්වා විසින් තරග වට 2-1 ක් ලෙස රසිඳු හෙන්ඳහේවා පරාජය කරන ලදි. (17/21, 21/18, 24/22)

වයස 19 න් පහළ කේවල
රන්තුෂ්ක සසිඳු විසින් තරග වට 2-0 ක් ලෙස රෂාන් මෙන්ඩිස් පරාජය කරන ලදි. (21/13, 21/10)

තරග ප්‍රතිඵල (බාලිකා)

වයස 13 න් පහළ කේවල
සෙනුදි ලෙවන්දි විසින් තරග වට 2-0 ක් ලෙස දෙව්මි මිතාරා පරාජය කරන ලදි. (15/13, 15/13)

වයස 15 න් පහළ කේවල
සුවනි මුතුමාලි විසින් තරග වට 2-0 ක් ලෙස යෙහෙලි කුරුප්පු පරාජය කරන ලදි. (21/18, 24/22)

වයස 17 න් පහළ කේවල
ඩිල්මි ජයස් විසින් තරග වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා පරාජය කරන ලදි. (21/18, 22/07)

වයස 19 න් පහළ කේවල
හසිනි අම්බලන්ගොඩගේ විසින් තරග වට 2-1 ක් ලෙස හසාරා විජේරත්න කරන ලදි. (16/22, 21/15, 23/21)

 


අදහස් (0)

සසිඳු - හසිනි ජාතික කනිෂ්ඨ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.