Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සමස්ත ලංකා බැඩ්මින්ටන් තරග 7 දා සිට

සමස්ත ලංකා බැඩ්මින්ටන් තරග 7 දා සිට

Nisanka Sandeepani - 2018 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයඹ පළාත් බැඞ්මින්ටන් සංගමය යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුව සමග එක්ව සංවිධානය කරන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ බැට්මින්ටන් තරගාවලිය මේ මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම තරගාවලියේදී පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. ඊට අමතරව අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහාද බාලක සහ බාලිකා වශයෙන් තරග පැවැත්වේ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම්, සහතිකපත් සමගින් මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. තරගාවලිය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු 071-0891691 (සංජීව) සහ 077-3902877 (එරංග) යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. 

 


අදහස් (0)

සමස්ත ලංකා බැඩ්මින්ටන් තරග 7 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.