Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සචින් - නිරෝෂනි බැඩ්මින්ටන් ශූරතා දිනති

සචින් - නිරෝෂනි බැඩ්මින්ටන් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමය අටවැනි වරටත් සංවිධානය කළ කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස 13 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට සචින් චමුදිත සහ නිරෝෂනි පීරිස් සමත් වූහ.

වයස 11 න් පහළ සහ 13 න් පහළ තරගකරුවන් 180 පමණ සහභාගි වූ මෙම තරගාවලිය මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්විණි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එල්.ආර්. ආරියනන්ද මහතා සහභාගි වූ අතර මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝද ඊට එක්ව සිටියහ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා වටිනා සිහිවටන, ත්‍යාග, පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ.
හමීඩියා සමුහ ව්‍යාපාර, එක්සා-බයින්ඩ්, මොරටුව කොමර්ෂල් බැංකුව, එච්.එන්.බී. ප්‍රයිම් ග්‍රාමීන්, නේෂන්ස් ලංකා ෆිනෑන්ස් , පුවක්අරඹ ඒජන්සීස් යන සමාගම් සහ ආයතන මෙම තරගාවලිය සදහා අනුග්‍රහය දැක්වූහ.


තරග ප්‍රතිඵල
■    වයස 11 න් පහළ බාලක
ශුරතාව - හිරුක සහන්මිත්
අනු ශුරතාව    - රන්සජ උත්සර කරුණාතිලක

■    වයස 11 න් පහළ බාලිකා
ශුරතාව - අචිනි කාවින්දි ගමගේ
අනු ශුරතාව    - ප්‍රමුදි ශේනාරා ප්‍රනාන්දු

■    වයස 13 න් පහළ බාලක
ශුරතාව - සචින් චමුදිත
අනු ශුරතාව    - ශෙන් කෞෂල්‍ය

■    වයස 13 න් පහළ බාලිකා
ශුරතාව - නිරෝෂනි පීරිස්
අනු ශුරතාව    - අහින්සා උමයන්ගා සිල්වා

 

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්, ප්‍රධාන ආරාධිත එල්.ආර්. ආරියනන්ද මහතා සහ සෙසු ආරාධිතයන් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු....

 

- 036

 


අදහස් (0)

සචින් - නිරෝෂනි බැඩ්මින්ටන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.