Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය (5 වැනිදා) නිමාවන විට රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 32 ක් සහ ලෝකඩ පදක්කම් 51 ක් සමග පදක්කම් 100 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
ඊයේ (4 වැනිදා) දිනය නිමාවන විට රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 38 ක් සමග පදක්කම් 69 ක් දිනා සිටි ශ්‍රී ලංකාව අද දිනයේදී සිය පදක්කම් ගොන්නට තවත් රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් එක්කර ගැනීමට සමත් විය.
රන් පදක්කම් 57 ක්, රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් සමග පදක්කම් 117 ක් දිනා සිටින ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 36 ක්, රිදී පදක්කම් 26 ක් සහ ලෝකඩ පදක්කම් 34 ක් සමග පදක්කම් 96 ක් දිනා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ පාකිස්තානය අද දිනයේදී එහි සිවුවැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. මේ වන විට ඔවුන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් සමග දිනා සිටින මුලු පදක්කම් සංඛ්‍යාව 55 කි.
රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
ඉන්දියාව | 57 | 40 | 20 | 117 |
නේපාලය | 36 | 26 | 34 | 96 |
ශ්‍රී ලංකාව | 17 | 32 | 51 | 100 |
පාකිස්තානය | 12 | 21 | 22 | 55 |
බංග්ලාදේශය | 4 | 10 | 41 | 55 |
මාලදිවයින | 1 | 0 | 2 | 3 |
භූතානය | 0 | 0 | 6 | 6 |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.