Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාව 3-2 කින් කසකස්තානය පරදවයි

ශ්‍රී ලංකාව 3-2 කින් කසකස්තානය පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් තරග වටයේදී ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව අද (15 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කසකස්තානයට එරෙහිව 3-2 ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

කසකස්තානයට එරෙහිව පැවැති තරගයේදී බාලක කේවල සහ මිශ්‍ර යුගල ඉසව් පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බාලිකා කේවල, බාලක යුගල සහ බාලිකා යුගල ඉසව් ජයගනිමින් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්හ.

එහිදී තරිඳු අඹේගොඩ සහ විකුම් ප්‍රනාන්දු බාලක යුගල තරගය ජයගත්තේ වට 2-0 ක් ලෙස ඩමීර් අබ්දුල්ලායෙව් සහ කෙම්රාන් තජිබුල්ලායෙව් පරාජය කරමිනි.

බාලිකා කේවල තරගයේදී වට 2-0 ක් ලෙස කසකස්තාන ක්‍රීඩිකා අයිෂා සුමාබේක් පරාජය කිරීමට ඩිල්මි ඩයස් සමත් වූ අතර බාලිකා යුගල තරගයේදී වට 2-0 ක් ලෙස අයිෂා සුමාබේක් සහ ඉයා ගෝර්ඩයේවා පරාජය කිරීමට ජනනුවනි අමන්දා සහ අනුරංගි මසකෝරල සමත් වූහ.

බාලක යුගල තරගයේදී වට 2-0 ක් ලෙස කසකස්තාන ක්‍රීඩක දිමිත්‍රි පනරින් හමුවේ විකුම් ප්‍රනාන්දු පරාජයට පත් වූ අතර මිශ්‍ර යුගල තරගයේදී වට 2-0 ක් ලෙස දිමිත්‍රි පනරින් සහ ඉයා ගෝර්ඩයේවා හමුවේ චමත් ඩයස් සහ ඩිල්මි ඩයස් පරාජයට පත්වූහ.

‘සී’ කාණ්ඩය යටතේ මින් පෙර පැවැති මූලික වටයේ තරග වලදී කොරියාව හමුවේ තරග 5-0 ක් ලෙසද, ඉන්දියාව හමුවේ තරග 5-0 ක් ලෙසද ශ්‍රී ලංකාව පරාජයට පත් විය.


ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර තරගය

බාලක කේවල
දිමිත්‍රි පනරින් (කසකස්තානය) විසින් තරග වට 2-0 ක් ලෙස විකුම් ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/11, 21/15)

බාලක යුගල  
තරිඳු අඹේගොඩ සහ විකුම් ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස ඩමීර් අබ්දුල්ලායෙව් සහ කෙම්රාන් තජිබුල්ලායෙව් (කසකස්තානය) පරාජය කරන ලදි. (21/2, 21/13)

බාලිකා කේවල
ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස අයිෂා සුමාබේක් (කසකස්තානය) පරාජය කරන ලදි. (21/8, 21/10)

බාලිකා යුගල  
ජනනුවනි අමන්දා සහ අනුරංගි මසකෝරල (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස අයිෂා සුමාබේක් සහ ඉයා ගෝර්ඩයේවා (කසකස්තානය) පරාජය කරන ලදි. (21/15, 24/22)

මිශ්‍ර යුගල  
දිමිත්‍රි පනරින් සහ ඉයා ගෝර්ඩයේවා (කසකස්තානය) විසින් තරග වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව)පරාජය කරන ලදි. (21/19, 21/19)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 3-2 කින් කසකස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.