Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශානුක අරවින්ද - 2019 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ වුහාන් නුවරදී පැවැති ආසියානු බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහි කිසිදු ඉසව්වක දෙවැනි වටයෙන් ඉදිරියට යෑමට නොහැකි විය. තරගාවලියේ දෙවැනි වටයට හෝ සුදුසකම් ලබාගත හැකි වූයේ ශ්‍රී ලංකා කාන්තා යුගල කණ්ඩායම පමණි.

තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේ ශ්‍රී ලංකා කාන්තා යුගල කණ්ඩායම නියෝජනය කළ අතර පළමු වටයේදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන පූජා දන්ඩු සහ සංජනා සන්තෝෂ් වට 2-1 ක් ලෙස පරාජය කරමින් ඔවුහු දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. කෙසේ වුවත් දෙවැනි වටයේදී චීන තායිපේහි චෑන් චින් යුයි සහ යෑන් චින් තුන් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඔවුන්ටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
 
පිරිමි කේවල ඉසව්වට සහභාගි වූ ප්‍රවීණ ක්‍රීඩක නිලූක කරුණාරත්නට ජයගත හැකි වූයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ එක් තරගයක් (ඉරාන ක්‍රීඩක අමීර් ජබාරිට එරෙහිව) පමණක් වීම හේතුවෙන් ඔහුට එම ඉසව්වේ මූලිකට වටයට සහභාගි වීමට නොහැකි විය.

කාන්තා කේවල ඉසව්වට සහභාගි වූ කාවින්දි සිරිමාන්න, එහි සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ඉරාන ක්‍රීඩිකා සෙවින්ච් සොඩිකෝවා පරාජය කරමින් සහ මියන්මාර ක්‍රීඩිකා තෙට් හිටාර් තුසාර් හමුවේ නිතරග ජයක් ලබමින්ද එම ඉසව්වේ ඊළඟ වටයට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් එම වටයේදී ජපානයේ තෙට් හිටාර් තුසාර් හමුවේ වට 2-0 ක් ලෙස පරාජය පත්වීම නිසා ඇගේ ගමන නිමාවට පත් වූවාය.

නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්නගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා පිරිමි යුගල කණ්ඩායම එම ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී බෘනායි කණ්ඩායමට එරෙහිව නිතරග ජයක් ලබා මූලික වටයට පිවිසියද, එහිදී ඉන්දුනීසියාවේ වයූ නායක අර්යා සහ යූසෆ් සැන්ටෝසෝ හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමේ වටයක් නොපැවැත්වීම හේතුවෙන් සෘජුවම එහි මූලිකට වටයට සහභාගි වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා එහිදී වට 2-0 ක් ලෙස පරාජය කිරීමට ජපානයේ කොහෙයි ගුන්ඩෝ සහ අයනේ කුරිහාරා සමත් වූහ.


පිරිමි කේවල
■    නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස අමීර් ජබාරි (ඉරානය) පරාජය කරන ලදි. (21/10, 21/12)
■    චේම් ජූන් වෙයි (මැලේසියාව) විසින් තරග වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/11, 19/21, 21/18)

කාන්තා කේවල
■    කාවින්දි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස සෙවින්ච් සොඩිකෝවා (ඉරානය) පරාජය කරන ලදි. (21/13, 21/15)
■    තෙට් හිටාර් තුසාර් (මියන්මාරය) හමුවේ කාවින්දි සිරිමාන්නගේට (ශ්‍රී ලංකාව) නිතරග ජයක්.
■    ආකේන් යමගුචි (ජපානය) විසින් තරග වට 2-0 ක් ලෙස කාවින්දි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/07, 21/19)

පිරිමි යුගල
■    අහමඞ් මයුඩීන් සහ ජස්පර් වූන් (බෘනායි) හමුවේ නිලූක කරුණාරත්නට සහ දිනූක කරුණාරත්නට (ශ්‍රී ලංකාව) නිතරග ජයක්.
■    වයූ නායක අර්යා සහ යූසෆ් සැන්ටෝසෝ (ඉන්දුනීසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/19, 21/12)

කාන්තා යුගල
■    තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-1 ක් ලෙස පූජා දන්ඩු සහ සංජනා සන්තෝෂ් (ඉන්දියාව) පරාජය කරන ලදහ. (21/13, 12/21, 21/12)
■    චෑන් චින් යුයි සහ යෑන් චින් තුන් (චීන තායිපේ) විසින් තරග වට 2-0 ක් ලෙස තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/18, 24/22)

මිශ්‍ර යුගල
■    කොහෙයි ගුන්ඩෝ සහ අයනේ කුරිහාරා (ජපානය) විසින් තරග වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/15, 21/18)

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.