Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton රාහුල - ලයිසියම් විදුහල් ශූරතා දිනයි

රාහුල - ලයිසියම් විදුහල් ශූරතා දිනයි

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ වයස 11 න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට මාතර රාහුල විදුහල සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසිනි.

දින 3 ක් පුරා කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 104 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200 ක් පමණ සහාභාගි වූ අතර එහිදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ යටතේ තරග පැවැත්විණ.
 
‘ඒ’ කණ්ඩයේ අනු ශූරයන් බවට පත්වීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් වෙද්දී, කොළඹ මියුසියස් විදුහල ‘ඒ’ කණ්ඩයේ අනු ශූරියන් බවට පත් විය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති පරාක්‍රම බස්නායක මහතා සහභාගි වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ සහ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.


අදහස් (0)

රාහුල - ලයිසියම් විදුහල් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.