Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් වැඩමුළුව 14 දා

බැඩ්මින්ටන් වැඩමුළුව 14 දා

editorial - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බැඩ්මින්ටන් පුහුණු වැඩමුළුවක් මේ මස 14 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධ සියලුම පළාත් සහ අනු සංගම්වල පළමු මට්ටමේ සුදුසුකම් සහිත පුහුණුකරුවන්ට මෙන්ම හිටපු ජාතික ක්‍රීඩකයින්ටද මෙම වැඩමුළුව සඳහා අයදුම් කළ හැකිය.

කොවිඩ්-19 වයිරසයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වනු ලබන මෙම වැඩමුළුවේදී අභිප්‍රේරණ කථිකයන් සහ පෝෂණ උපදේශකයෝ දේශන පවත්වති.

වැඩමුළුවට සහභාගි වන්නන් කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන කාර්යාලයේ පුහුණු හා ප්‍රවර්ධන කමිටුව වෙත හෝ info@srilankabadminton.lk යන විද්‍යුත් තැපෑලට තම අයදුම්පත් යොමුකළ යුතුය. 011-2689525 දුරකතන අංකය ඔස්සේ බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය ඇමතීමෙන් වැඩමුළුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

-036

 


අදහස් (0)

බැඩ්මින්ටන් වැඩමුළුව 14 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.