Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් ක්‍රීඩිකාවෝ ඉදිරියටම යති

බැඩ්මින්ටන් ක්‍රීඩිකාවෝ ඉදිරියටම යති

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ රිදී පදක්කම් දෙකක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කේවල ඉසව් වලදීත් ඉදිරියටම යමින් සිටිති. කේවල තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව තරග 13 කින් 11 ක් ජයගත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටිති.

මෙම පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (4 වැනිදා) පැවැත්විණ. දකුණු ආසියානු බැඞ්මින්ටන් තරගාවලිය පැවැත්වෙන්නේ නේපාලයේ කඳුකර නගරයක් වන පොකාරා නුවරදීය.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමේ නායක දිනුක කරුණාරත්න කේවල තරග වලදී තමන්ගේ අපරාජිත වාර්තාව ඉදිරියටම රඳවාගත් අතර කණ්ඩායමේ නායිකා අචිනි රත්නසිරි පදක්කමක් දිනාගැනීමට තමන්ට ඇති අවස්ථාව තවදුරටත් රැකගත්තාය.

බංග්ලාදේශයේ සල්මන් ඛාන් පරාජය කළ කරුණාරත්න, නේපාලයේ නිදුප් දුර්ජි පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. දිල්මි ඩයස් කාන්තා කේවල තරගාවලියේදී සිය තරග දෙකම පහසුවෙන් ජයගත්තාය.

සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක දෙදෙනා එක්ව සුපුරුදු සාර්ථකත්වය පෙන්වමින් බංග්ලාදේශයේ හමීඞ් ලක්මන් සහ ගෞරබ් සිංහා තරග 2-0 ක් ලෙසින් පරාජය කළහ. පසුව ඉන්දියාවේ අරු්න ජෝර්ජ් සහ සන්යම් ෂුක්ලාද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා හමුවේ 2-0 ක් ලෙසින් පරාජය වූහ.

කෙසේ වෙතත් පළමු තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ දෙදෙනා සචින් සහ බුවනෙක හමුවේ ධෛර්යවත්ව ක්‍රීඩා කරමින් කිසියම් සටනක් දුන්හ. එම තරග දෙක නිමා  වන විට ලකුණු තත්ත්වය 21-15 ක් සහ 21-18 ක් විය. එහෙත් ඉන්දීය ක්‍රීඩකයෝ දෙදෙනාට එරෙහිව පැවැති තරගය තරමක් පහසු එකක් විය.

කාන්තා යුගළ තරගාවලියේදී අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා දෙදෙනාත්  තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේත් පහසු ජයග්‍රහණ අත්කරගත්හ. පසුව රන්තුෂ්ක සසිඳු සමග එක්වූ සිරිමාන්නගේ මිශ්‍ර යුගල තරගයේදීත් පහසු ජයක් අත්කර ගත්තේය.

පරාජයන් අත්වින්ඳේ පිරිමි කේවල තරගයට මුහුණ දුන් රන්තුෂ්ක සසිඳුත් පිරිමි යුගළ තරගයට ක්‍රීඩා කළ දිනුක කරුණාරත්න සහ හසිත චානක දෙදෙනාත් පමණි. බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් තරග 7 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.

තරග ප්‍රතිඵල
පිරිමි කේවල පෙර අර්ධ අවසන් පූර්ව වටය
■ ශ්‍රී ලංකාවේ දිනුක කරුණාරත්න විසින් 2-0 ක් ලෙස බංග්ලාදේශයේ සල්මන් ඛාන් පරාජය කරන ලදී. (21-10, 21-7)
■ ශ්‍රී ලංකාවේ දිනුක කරුණාරත්න විසින් 2-0 ක් ලෙස නේපාලයේ නිදුප් දුර්ජි පරාජය කරන ලදී. (21-9, 21-7)
■ ඉන්දියාවේ අර්යමාන් තන්දු විසින් ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු 0-2 ක් ලෙස පරාජය කරන ලදී. (17-21, 17-21)

කාන්තා කේවල පෙර අර්ධ අවසන් පූර්ව වටය
■ ශ්‍රී ලංකාවේ අචිනි රත්නසිරි විසින් නේපාලයේ රශිලා මහාර්ජන් 2-0 ක් ලෙස පරාජය කරන ලදී.  (21-15, 21-19)
■ ශ්‍රී ලංකාවේ දිල්මි ඩයස් විසින් 2-0 ක් ලෙස මාලදිවයිනේ නබීලා අබ්දුල් රාසාක් පරාජය කරන ලදී. (21-6, 21-19)
■ ශ්‍රී ලංකාවේ දිල්මි ඩයස් විසින් 2-0 ක් ලෙස බංගලාදේශයේ අලීනා සුල්තානා පරාජය කරන ලදී. (21-8, 21-10)
■ ශ්‍රී ලංකාවේ අනුරංගි මාසකෝරාළ විසින් 2-0 ක් ලෙස බංගලාදේශයේ ශල්පා අක්තර් පරාජය කරන ලදී. (21-8, 21-10)

පිරිමි යුගල අර්ධ අවසන් පූර්ව වටය
■ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක විසින් 2-0 ක් ලෙස බංග්ලාදේශයේ හමිඞ් ලක්මන් සහ ගෞරබ් සිංහ පරාජය කරන ලදී. (21-15, 21-18)
■ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක විසින් 2-0 ක් ලෙස ඉන්දියාවේ අරුන් ජෝජ් සහ සන්යම් ශුක්ලා පරාජය කරන ලදී. (21-10, 23-21)
■ ශ්‍රී ලංකාවේ දිනුක කරුණාරත්න සහ හසිත චානක 1-2 ක් ලෙස බංග්ලාදේශයේ මොහොමඞ් ඇටික් සහ රාජා මොහොමඞ්ට පරාජය වන ලදී. (14-21, 21-13, 19-21)

කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව වටය
■ ශ්‍රී ලංකාවේ අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින් 2-0 ක් ලෙස පාකිස්තානයේ පල්වශා බාෂීර් සහ මාහූර් ෂෙහාඞ් පරාජය කරන ලදී. (21-10,21-9)
■ ශ්‍රී ලංකාවේ තිළිණි හෙන්දහේවා සහ කවිදි සිරිමාන්නගේ විසින් 2-0 ක් ලෙස  නේපාලයේ ජෙසිකා ගුරු සහ රශිලා මහාර්ජන් පරාජය කරන ලදී. (21-8, 21-7)

මිශ්‍ර යුගල පෙර අර්ධ අවසන් පූර්ව වටය
■ ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු සහ කවිදු සිරිමාන්නගේ විසින් 2-0 ක් ලෙස ෂුවෝ කන්දකර් සහ බ්‍රිස්ටි කිටුවා පරාජය කරන ලදී (21-11, 21-13)

 

 


අදහස් (0)

බැඩ්මින්ටන් ක්‍රීඩිකාවෝ ඉදිරියටම යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.