Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් කණ්ඩායමට යොනෙක්ස් අනුග්‍රහය

බැඩ්මින්ටන් කණ්ඩායමට යොනෙක්ස් අනුග්‍රහය

editorial - 2019 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමේ ක්‍රීඩා උපකරණ සඳහා අනුග්‍රහය දැක්වීමට යොනෙක්ස්-සන්රයිසස් සමාගම ඉදිරිපත්වී සිටියි.  

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම ක්‍රීඩකයන් 8 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් ඇතුළත්ව සිටින අතර දිනූක කරුණාරත්න කණ්ඩායමේ නායකයා ලෙසත්, අචිනි රත්නසිරි කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.

ශ්‍රී ලංකා පිරිමි බැඩිමින්ටන් කණ්ඩායමට බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, රන්තුෂ්ක සසිඳු, ලෝචන ද සිල්වා, මධුක දුලංජන, ක්‍රිෂාන් දනුෂ්ක සහ හසිත චානක යන ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර තිළිණි හෙන්ඳහේවා, දිල්මි ඩයස්, කාවින්දි ඉෂාදිකා, උපුල් සමන්තිලක, කාවින්දි බිනාරි, හසාරා විජේරත්න සහ හසිනි අම්බලංගොඩ යන ක්‍රීඩිකාවෝ කාන්තා බැඩිමින්ටන් කණ්ඩායම නියෝජනය කරති.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ප්‍රවීණ බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

ඉන්දුනීසියානු ජාතික ටෝනි වයුදි සහ දුමින්ද ජයකොඩි යන මහත්වරු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර තිලක් ජයසිරි මහතා කලමණාකරු ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටියි.  


-036

 


අදහස් (0)

බැඩ්මින්ටන් කණ්ඩායමට යොනෙක්ස් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.