Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton පාසල් බැඩ්මින්ටන් තරගාවලි රැසක් ඉදිරියේදී

පාසල් බැඩ්මින්ටන් තරගාවලි රැසක් ඉදිරියේදී

editorial - 2019 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන බැඞ්මින්ටන් තරගාවලි කිහිපයක් ඉදිරි මාස හතර තුළ දිවයිනේ ප්‍රධාන නරග කිහිපයකදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ වන විට වයස 15 න් පහළ කණ්ඩායම් තරගාවලිය නිමා වී ඇති අතර වයස 19 න් පහළ කණ්ඩායම් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා කෑගල්ල බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩංගංණයේදී පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය ඔක්තෝබර් මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන අතර එම තරගාවලිය නිමා වීමෙන් අනතුරුව වයස 13 න් පහළ කණ්ඩායම් තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ත ක්‍රීඩංගංණයේදී පැවැත්වේ.

වයස 11 න් පහළ කණ්ඩායම් තරගාවලිය නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා කුරුණෑගලදීත්, වයස 17 න් පහළ කණ්ඩායම් තරගාවලිය දෙසැම්බර් මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩංගංණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


-036

 


අදහස් (0)

පාසල් බැඩ්මින්ටන් තරගාවලි රැසක් ඉදිරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.