Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton පාසල් බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට

පාසල් බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 11 න් පහළ අන්තර් පාසල් බැඞ්මින්ටන් තරගාවලිය හෙට (29 වැනිදා) සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා කුරුණෑගල, බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සහ වෙලගෙදර ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 120 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400 කට ආසන්න පිරිසක් සහභාගි වන අතර එහිදී ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ ලෙස කාණ්ඩ 5 ක් යටතේ තරග වැදීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 8.30 ට ආරම්භ වන අතර පෙරවරු 9.00 සිට මූලික වටයේ තරග පැවැත්වේ. සෑම කාණ්ඩයකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් සහ සහතික පත් පිරිනැමේ.


අදහස් (0)

පාසල් බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.