Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton නිලූක - හසිනි - කාවින්දි ද්විත්ව ශූරතා දිනාගනිති

නිලූක - හසිනි - කාවින්දි ද්විත්ව ශූරතා දිනාගනිති

ශානුක අරවින්ද - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල සහ පිරිමි යුගල ශූරතා දෙකම තමන් සතුකර ගනිමින් 2020 වසරේ ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වීමට නිලූක කරුණාරත්න සමත් විය. නිලූක ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වූ 17 වැනි අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක් විය.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී තරගයේදී වට 2-0 ක් ලෙස (21/17, 21/16) රසිඳු හෙන්ඳහේවා පරාජය කළ නිලූක, ඉන් නොනැවතී සිය සොහොයුරු දිනූක කරුණාරත්න සමග එක්ව පිරිමි යුගල අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස (21/17, 23/21) ලකිඳු රණවීර සහ රුහාන් විජේසිංහ පරාජය කිරීමටද සමත් විය.

විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට හසිනි අම්බලන්ගොඩ සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (21/14, 21/09) හසාරා විජේරත්න පරාජය කරමිනි. හසිනි ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. කාන්තා යුගල ඉසව්වේදී කාවින්දි සිරිමාන්නගේ සමග එක්ව තරග වැදුණ හසිනි, එම ඉසව්වේ ශූරතාවද තමා සතුකර ගැනීමට සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (21/19, 21/18) ප්‍රවීණ ක්‍රීඩිකාවන් දෙපළක් වන අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරමිනි.

කේවල ඉසව් සඳහා සහභාගි නොවූ කාවින්දි සිරිමාන්නගේ මෙවර විවෘත මිශ්‍ර යුගල ශූරතාවද දිනාගැනීමට සමත් වූයේ බුවනෙක ගුණතිලක සමග එක්ව එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (21/05, 21/14) රාජිත දහනායක සහ අචිනි රත්නසිරි පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාංගණයේදී සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී දින 5 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.


විවෘත තරග ප්‍රතිඵල

පිරිමි කේවල
නිලූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස රසිඳු හෙන්ඳහේවා පරාජය කරන ලදි. (21/17, 21/16)

පිරිමි යුගල
නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ලකිඳු රණවීර සහ රුහාන් විජේසිංහ පරාජය කරන ලදහ. (21/17, 23/21)

කාන්තා කේවල
හසිනි අම්බලන්ගොඩ විසින් තරග වට 2-0 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/14, 21/09)

කාන්තා යුගල
හසිනි අම්බලන්ගොඩ සහ කාවින්දි සිරිමාන්නගේ විසින් තරග වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරන ලදහ. (21/19, 21/18)

මිශ්‍ර යුගල
බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්නගේ විසින් තරග වට 2-0 ක් ලෙස රාජිත දහනායක සහ අචිනි රත්නසිරි පරාජය කරන ලදහ. (21/05, 21/14)

 


අදහස් (0)

නිලූක - හසිනි - කාවින්දි ද්විත්ව ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.