Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton නිලුක 16 වැනි වරටත් ජාතික ශූරතාව දිනාගනී

නිලුක 16 වැනි වරටත් ජාතික ශූරතාව දිනාගනී

ශානුක අරවින්ද - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 67 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල සහ පිරිමි යුගල ශූරතා ද්විත්වයම තමන් සතුකර ගනිමින් 2019 වසරේ ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වීමට නිලුක කරුණාරත්න සමත් විය. නිලුක ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වූ 16 වැනි අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක් විය.

පිරිමි අවසන් මහ තරගයේදී තරගයේදී වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කළ නිලූක, ඉන් නොනැවතී සිය සොහොයුරු දිනූක කරුණාරත්න සමග එක්ව පිරිමි යුගල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ලෝචන පල්ලියගුරු සහ තුලිත් පල්ලියගුරු පරාජය කළේය. ඉකුත් වසරේ (2018) ජාතික ශූරයා බවට පත්වූ දිනූක කරුණාරත්න පිරිමි කේවල අවසන් පූර්ව වටයේදී වට 2-1 ක් ලෙස රන්තුෂ්ක හමුවේ පරාජයට පත්විය.

මෙවර ශූරතාවලියේ විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට ඩිල්මි ඩයස් සමත් වූවාය. අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කිරීමට ඇය සමත් වූවාය. කේවල අවසන් මහ තරගයේදී පරාජයට පත් වුවද, කාන්තා යුගල ඉසව්වේ ශූරතාව දිනාගැනීමට අචිනි සමත් වූයේ උපුලි සමන්තිතා සමග එක්ව අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ටිසුනි මිදාරා සහ සෙනුජි උමගලියගේ පරාජය කරමිනි.

කේවල ඉසව් සඳහා සහභාගි නොවූ සචින් ඩයස් මෙවර විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට සමත් වූයේ ප්‍රවීණ ක්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස හසිත චානක සහ උපුලි සමන්තිකා පරාජය කරමිනි.

ඉකුත් වසරේ (2019) ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත්වූ තිළිණි හෙන්ඳහේවා මෙන්ම, ඇය සමග එක්ව එවර යුගල ඉසව්වේ ශූරතාව දිනාගත් කාවින්දිකා සිරිමාන්නගේද අසනීප තත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවූහ. එවර පිරිමි යුගල ශූරතාව දිනාගත් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකද ආබාධ තත්වයන් හේතුවෙන් මෙවර තරගාවලියේ කේවල ඉසව් සඳහා සහභාගි වීමෙන් වැලකී සිටියහ.  

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.


විවෘත තරග ප්‍රතිඵල

පිරිමි කේවල
නිලූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදි. (21/15, 21/10)

පිරිමි යුගල
නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් තරග වට 2-1 ක් ලෙස ලෝචන ද සිල්වා සහ තුලිත් පල්ලියගුරු පරාජය කරන ලදහ. (20/22, 21/7, 21/10)

කාන්තා කේවල  
ඩිල්මි ඩයස් විසින් තරග වට 2-1 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කරන ලදි. (13/21, 21/16, 22/20)

කාන්තා යුගල
අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින් තරග වට 2-0 ක් ලෙස ටිසුනි මිදාරා සහ සෙනුජි උමගලියගේ පරාජය කරන ලදහ. (21/10, 21/11)

මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ චන්ද්‍රිකා ද සිල්වා විසින් තරග වට 2-1 ක් ලෙස හසිත චානක සහ උපුලි සමන්තිකා පරාජය කරන ලදහ. (21/6, 20/22, 21/16)

 


ප්‍රවීණයන්ගේ තරග ප්‍රතිඵල

වයස 23 න් පහළ බාලක කේවල
රන්තුෂ්ක සසිඳු විසින් තරග වට 2-1 ක් ලෙස මධුක දුලාංජන පරාජය කරන ලදි. (19/21, 21/8, 21/10)

වයස 35 න් ඉහළ පිරිමි කේවල
හේමන්ත කොඩිතුවක්කු විසින් තරග වට 2-0 ක් ලෙස නලින් ප්‍රනාන්දු පරාජය කරන ලදි. (21/17, 21/16)

වයස 40 න් ඉහළ පිරිමි කේවල
සුභාෂ් ජානක විසින් තරග වට 2-0 ක් ලෙස සංඛ ඉලේපෙරුමආරච්චි පරාජය කරන ලදි. (21/18, 21/18)

වයස 40 න් ඉහළ පිරිමි යුගල
දුමින්ද ජයකොඩි සහ සුභාෂ් ජානක විසින් තරග වට 2-1 ක් ලෙස රන්දික පීරිස් සහ නිහාන් ජයසිංහ පරාජය කරන ලදහ. (18/21, 21/17, 21/11)

වයස 45 න් ඉහළ පිරිමි කේවල
ක්ලැරන්ස් හාමර් වෙතින් උපේන්ද්‍ර ජයවර්ධනට නිතරග ජයක්.

වයස 50 න් ඉහළ පිරිමි කේවල
නිරෝෂන් විජේකෝන් විසින් තරග වට 2-0 ක් ලෙස නිහාල් අමරසේන පරාජය කරන ලදි. (21/15, 21/9)

වයස 50 න් ඉහළ පිරිමි යුගල
නිහාල් අමරසේන සහ දර්ශන සේනාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස මංගල ගමගේ සහ කමල් ගම්ලත් පරාජය කරන ලදහ. (21/14, 21/19)

වයස 55 න් ඉහළ පිරිමි කේවල
රොහාන් ප්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස සේනක වික්‍රමසිංහ පරාජය කරන ලදි. (21/6, 21/17)

වයස 55 න් ඉහළ පිරිමි යුගල
රොහාන් ප්‍රනාන්දු සහ නිරංජන් විජේසේකර විසින් තරග වට 2-0 ක් ලෙස සුරේෂ් තේවරාජා සහ ලලින්ද්‍ර සිල්වා පරාජය කරන ලදහ. (21/8, 21/19)

වයස 60 න් ඉහළ පිරිමි කේවල
ලුවී කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස රුවන් චන්ද්‍රතිලක පරාජය කරන ලදි. (21/11, 21/13)

වයස 60 න් ඉහළ පිරිමි යුගල
ලුවී කරුණාරත්න සහ නන්දන ප්‍රේමචන්ද්‍ර විසින් තරග වට 2-0 ක් ලෙස අසාර් හම්දූන් සහ මොහාන් විජේසිංහ පරාජය කරන ලදහ. (21/11, 21/17)

වයස 65 න් ඉහළ පිරිමි කේවල
සුනිල් ජයසිරි විසින් තරග වට 2-0 ක් ලෙස රොහාන් ද සිල්වා පරාජය කරන ලදි. (21/9, 21/5)

වයස 65 න් ඉහළ පිරිමි යුගල
රොහාන් ද සිල්වා සහ සුනිල් ජයසිරි විසින් තරග වට 2-0 ක් ලෙස ගාමිණී ජයසූරිය සහ තිලක් පෙරේරා පරාජය කරන ලදහ. (21/18, 21/15)

 


අදහස් (0)

නිලුක 16 වැනි වරටත් ජාතික ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.