Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ දිනූක කරුණාරත්න සමත් විය. තරගාවලියේ අටවැනි දිනය වූ අද (12 වැනිදා) පැවැති එම ඉසව්වේ තෙවැනි වටයේ තරගකදී වට 2-0 ක් ලෙස මුරුසියේ ජෝජ්ස් ජූලියන් පරාජය කරමින් දිනූක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
අද දිනයේදී පැවැති එම ඉසව්වේ තෙවැනි වටයේ තරගවලට සහභාගි වූ බුවනෙක ගුණතිලකට සහ නිලූක කරුණාරත්නට එහිදී සිංගප්පූරු සහ ඉන්දීය ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ.
තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින්ද, හසිනි අම්බලන්ගොඩ සහ මධුෂිකා දිල්රුක්ෂි මුරුසි කණ්ඩායම පරාජය කරමින්ද කාන්තා යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. බුවනෙක ගුණතිලක සහ සචින් ජයස් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි වටයේදී ජර්සි කණ්ඩායම පරාජය කරමිනි.
මිශ්‍ර යුගල ඉසව්වේ තෙවැනි වටයේදී තරගයකදී ඉතා තියුණු තරගයකින් අනතුරුව සිංගප්පූරු කණ්ඩායම පරාජය කළ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවාද එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
පිරිමි කේවල තෙවැනි වටය
දිනූක කරුණානායක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ජෝජ්ස් ජූලියන් (මුරුසිය) පරාජය කරන ලදි. (23/21, 22/20)
සින් රෙයි රයන් (සිංගප්පූරුව) විසින් වට 2-1 ක් ලෙස බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව)පරාජය කරන ලදි. (21/9, 21/10, 21/19)
ශ්‍රීකාන්ත් කිඩම්බි (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස නිලූක කරුණානායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/10, 21/10)
පිරිමි යුගල දෙවැනි වටය
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස බිග්නෙල් මැතිව් සහ හචින්ග්ස් ඇලෙක්සැන්ඩර් (ජර්සි) පරාජය කරන ලදි. (21/13, 21/13)
කාන්තා යුගල දෙවැනි වටය
තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස බට්ලර් එමෙට් සහ එල්සී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව) පරාජය කරන ලදි. (21/9, 21/9)
හසිනි අම්බලන්ගොඩ සහ මධුෂිකා දිල්රුක්ෂි (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මේරි එලීසා සහ චෑන්ලම් නිකී (මුරුසිය) පරාජය කරන ලදි. (21/6, 21/9)
මිශ්‍ර යුගල තෙවැනි වටය
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස යොංල් කායි ටෙරී සහ හචිංග්ස් වෙයි හැන් ටෑන් (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (23/21, 21/19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.