Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික ශූරයා අවසන් පූර්ව වටයෙන් ඉවතට

ජාතික ශූරයා අවසන් පූර්ව වටයෙන් ඉවතට

ශානුක අරවින්ද - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 67 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රන්තුෂ්ක සසිඳු සහ නිලූක කරුණාරත්නද, කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඩිල්මි ඩයස් සහ අචිනි රත්නසිරිද සමත් වූහ. අවසන් මහ තරග හෙට (18 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද (17 වැනිදා) පැවැති පිරිමි අවසන් පූර්ව වටයේදී විරේන් නෙත්තසිංහට එරෙහිව වට 2-0 ක ජයක් ජයක් වාර්තා කරමින් නිලූක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ජයගත් නිලූක, ලකුණු 21/15 ක් ලෙස එහි දෙවැනි වටයද ජයගනිමින් පහසු ජයක් ලැබීය.

රන්තුෂ්ක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-1 ක් ලෙස ඉකුත් වසරේ (2019) ජාතික ශූරයා බවට පත්වූ දිනූක කරුණාරත්න පරාජය කරමිනි. එම තරගයේ පළමු වටයේදී ලකුණු 22/20 ක තියුණු ජයක් වාර්තා කිරීමට රන්තුෂ්ක සමත් වුවද, දෙවැනි වටය ලකුණු 21/13 ක් ලෙස ජයගත් දිනූක, වට 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත්කළේය.

කෙසේ වුවත් දෙදෙනාටම ඉතා තීරණාත්මක වූ තෙවැනි වටයේදී ලකුණු 21/17 ක ජයක් ලැබූ රන්තුෂ්ක, සමස්ත තරගයෙන් දිනූක පරදවා වට 2-1 ක ජයක් හිමිකර ගත්තේය.

මේ අතර අද පැවැති කාන්තා කේවල අවසන් පූර්ව වටයේදී මධුෂිකා දිල්රුක්ෂිට එරෙහිව වට 2-1 ක ජයක් වාර්තා කරමින් ඩිල්මි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ පළමු වටයේදී මධුෂිකා හමුවේ ලකුණු 21/18 ක් ලෙස පරාජයට පත් වුවද, දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුණු 21/17 ක් සහ 21/12 ක් ලෙස ජයගත් ඩිල්මි සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.

අචිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩ පරාජය කරමිනි. එම තරගයේ පළමු වටය ලකුණු 21/16 ක් ලෙස ජයගත් අචිනි, ලකුණු 21/13 ක් ලෙස එහි දෙවැනි වටයද ජයගනිමින් පහසු ජයක් ලැබීය.

ඉකුත් වසරේ (2019) ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත්වූ තිළිණි හෙන්ඳහේවා මෙන්ම, ඇය සමග එක්ව එවර යුගල ඉසව්වේ ශූරතාව දිනාගත් කාවින්දිකා සිරිමාන්නගේද අසනීප තත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවූහ. එවර පිරිමි යුගල ශූරතාව දිනාගත් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකද ආබාධ තත්වයන් හේතුවෙන් මෙවර තරගාවලියේ කේවල ඉසව් සඳහා සහභාගි වීමෙන් වැළකී සිටියහ.  

 


අදහස් (0)

ජාතික ශූරයා අවසන් පූර්ව වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.