Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ජාතික ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2021 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ. මේ මස 11 වැනිදා ආරම්භ කෙරුණ අයැදුම්පත් භාරගැනීම 29 වැනිදා නිමාවට පත්වනු ඇත.

ලී නිංග් සහ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය අනුග්‍රාහකත්වය දරන මෙම තරගාවලිය පෙබරවාරි මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය කටයුතු යොදා තිබේ. තරගාවලියට සහභාගිවන තරගකරුවන් කොළඹ 7, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයට අයැදුම්පත් බාර දිය යුතුය.

පෙබරවාරි මස 6 වැනිදා තරග පෙළගැස්ම සකස් කෙරෙන අතර හිටපු බැඩ්මින්ටන් ශූරයන්ගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 10 වැනිදා තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සාමාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වන තරගාවලියක් වූවත්, රට තුළ පවතින තත්වය හේතුවෙන මෙවර තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සීමා කර තිබේ. එමෙන්ම මෙවර තරගාවලියේදී තරග නැරඹීම සඳහා අවසර නොලැබෙන අතර තරග පැවැත්වෙන ස්ථානවලට ඇතුල්වීම සඳහා නිකුත් කරන අවසරපත් සීමා කර තිබේ.

වත්මන් ජාතික බැඩ්මින්ටන් ශූරයා වන නිලූක කරුණාරත්න ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගවලින් මඳක් ඉවත්ව සිය කිරුළ රැකගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට සහභාගි වනු ඇත. වත්මන් ජාතික ශූරිය වන ඩිල්මි ඩයස් සිය අධ්‍යාපනය කටයුතු කෙරෙහි ඇති අවධානය තරමක් ඉවතට තබමින් නැවත වරක් කිරුළ අත්කරගැනීමට දැඩි උත්සාහයක නිරතවනු ඇත.


-036

 


අදහස් (0)

ජාතික ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.