Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 13 දා සිට

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 13 දා සිට

ශානුක අරවින්ද - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 67 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය සහ පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ප්‍රධාන කාණ්ඩ 5 (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ) යටතේ තරග පැවැත්වේ.  අවුරුදු 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 55 ට වැඩි ප්‍රවීණ තරගකරුවන් සඳහාද කේවල සහ යුගළ තරග ජාතික ශූරතාවලියට ඇතුළත් වේ.

ජාතික කනිෂ්ඨ ශූරතාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල තරග පමණක් පැවැත්වෙන අතර 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගළ තරග පැවැත්වේ.

ශූරතාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ මස 6 වැනිදායින් අවසන් වෙයි.  තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදිනට පෙර කොළඹ 7, ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයට හෝ නො. 02, කේම්බි්‍රජ් පෙදෙස, කොළඹ 7 යන ලිපියනට සිය අයැදුම්පත් ගෙනවිත් භාරදිය යුතුය.

අවසන් වරට (2018) පැවැති ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට දිනූක කරුණාරත්න සමත් වූ අතර කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිළිණි හෙන්ඳහේවා සමත් වූවාය.

තිළිණි සමග එක්ව එවර කාන්තා යුගළ ශූරතාව දිනාගත් කාවින්දි සිරිමාන්නගේ, ඉන් නොනැවතී බුවනෙක ගුණතිලක සමග එක්ව මිශ්‍ර යුගළ ශූරතාවටද හිමිකම් කීවාය. එවර පිරිමි යුගළ ශූරතාව දිනාගනු ලැබුවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක විසිනි.

මෙවර තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර රුපියල් මිලියනයක මුදලක් ත්‍යාග වශයෙන් බෙදාදීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.