Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton චන්ද්‍රිකාට ජාත්‍යන්තර පදක්කම් දෙකක්

චන්ද්‍රිකාට ජාත්‍යන්තර පදක්කම් දෙකක්

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෝලන්තයේදී පැවැති ලෝක ප්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මෙරට හිටපු ජාතික බැඞ්මින්ටන් ශූරියක් වන චන්ද්‍රිකා ද සිල්වා සමත් වූවාය.

අවුරුදු 40 න් ඉහළ වයස් කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ චන්ද්‍රිකා, එම වයස් කාණ්ඩයේ කාන්තා කේවල ඉසව්වේ රිදී පදක්කම සහ කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින් දස්කම් දැක්වූවාය.


කේවල අවසන් මහ තරගයේදී ජර්මනියේ ක්ලව්ඩියා වොගල්සෑන්ග් හමුවේ පරාජය වීම නිසා චන්ද්‍රිකාට රිදී පදක්මෙන් සෑහීමකට පත්වීමට සිදුවූ අතර යුගල ඉසව්වේදී අවසන් පූර්ව තරගය පරාජය වීම නිසා ඇයට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.

අවස්ථා 11 කදී මෙටර ජාතික බැඞ්මින්ටන් කාන්තා ශූරතාව දිනාගෙන ඇති චන්ද්‍රිකා, අවස්ථා 12 කදී කාන්තා යුගල ශූරතාවද, අවස්ථා 10 කදී මිශ්‍ර යුගල ශූරතාවද දිනාගැනීමට සමත්වී ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වලදී රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගෙන ඇති චන්ද්‍රිකා, මේ දක්වා දිනාගෙන ඇති ජාත්‍යන්තර රන් පදක්කම් සංඛ්‍යාව 7 කි.

-036

 


අදහස් (0)

චන්ද්‍රිකාට ජාත්‍යන්තර පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.