Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධාන කරන උතුරු මැද පළාත් විවෘත බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා අනුරාධපුර නගරසභා සහ මයික් කුක් ගෘහස්ථ බැඞ්මින්ටන් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී කනිෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේද, ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 40 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ සහ 60 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේද තරග පැවැත්වේ.
තරගාවලියේ අයැදුමපත් කැඳවීම මේ මස 2 වැනිදායින් නිමාවට පත්වූ අතර දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ඊට සහභාගි වීමට නියමිතය. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් සහ කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 20 වැනිදා පෙරවරු 9.00 ට තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
ඒ.එම්. විමලරත්න, දකුණු ආසියානු රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනූ රේණු චන්ද්‍රිකා ද සිල්වා මෙන්ම හිටපු සහ වර්තමානයේ දස්කම් අතර සිටින පාලිත හලංගොඩ, මයික් කුක්, උදාර නයනජිත් සහ ජෙනිෆර් ජෙකොබ්ස් උතුරු මැද පළාතෙන් බිහිවූ ජාත්‍යන්තර බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.