Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton අයැදුම්පත් බාරගැනීම 18 වැනිදා දක්වා

අයැදුම්පත් බාරගැනීම 18 වැනිදා දක්වා

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී (2020) පැවැත්වෙන පළමු සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත බැඞ්මින්ටන් තරගාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 18 වැනිදා පස්වරු 4.30 ට අවසන් කිරීමට එහි සංවිධායකයන් ලෙස කටයුතු කරන බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය පියවර ගෙන තිබේ.

උක්ත තරගාවලිය මේ මස 24 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට අදාල අයැදුම්පත් කොළඹ 7, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් මුලස්ථානයෙන් ලබාගත හැකිය.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන ඉසව් 5 ද ඇතුළත්ව ඉසව් 32 කින් මෙම තරගාවලිය සමන්විත වේ. එහිදී කනිෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වසය කාණ්ඩ යටතේ බාලක බාලිකා දෙඅංශයෙන්ම කේවල සහ යුගල තරග පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා එහිදී අවුරුදු 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 60 ට වැඩි යන වසය කාණ්ඩ යටතේ පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම කේවල සහ යුගල තරග පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර රුපියල් ලක්ෂ 5 ක මුදලක් ත්‍යාග වශයෙන් බෙදාදීමට නියමිත අතර එහිදී කනිෂ්ඨ තරගවල ජයග්‍රාහකයන් සඳහා වටිනා ක්‍රීඩා භාණ්ඩද, විවෘත සහ ජ්‍යෙෂ්ඨ තරගවල ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාගද ලබාදීමට නියමිතය.

සියලුම ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.


-036


අදහස් (0)

අයැදුම්පත් බාරගැනීම 18 වැනිදා දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.