Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton 2020 සැලසුම් එළිදැක්වීම පෙබරවාරි 8 දා

2020 සැලසුම් එළිදැක්වීම පෙබරවාරි 8 දා

editorial - 2020 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය 2020 වසර තුළදී ක්‍රියාවට නැංවීමට නියමිත සැලසුම් එළිදැක්වීමේ වැඩසටහනක් පෙබරවාරි මස 8 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

පරිපාලනය, තාක්ෂණය, මෙහෙයුම්, තරගාවලි, ජාතික සංචිත සහ පාසල් පුහුණු වැඩසටහන් මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් විවෘත සංවාදයක්ද පැවැත්වෙනු ඇත.

මේ වසරේදී ජාතික හා ජාත්‍යන්තර තරගාවලි සඳහා සූදානම් වීම, ජාතික කණ්ඩායම සංචිතගත කිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම, තාක්ෂණික ගැටලු, පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පුහුණුව ලබාදීම සහ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ගේ ගැටලු ඇතුළු බැඞ්මින්ටන් ක්ෂේත්‍රයට අදාළ සියළුම කරුණු මෙම වැඩසටහන තුළදී සාකච්ඡා කිරීමට නියමිතය.

සාමාජික සංගම්, ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, ජාතික තේරීම් කමිටු සාමාජිකයන් සහ තාක්ෂණික නිලධාරීන්ට මේ සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය ඇරියුම් කර සිටියි.

පැමිණීම තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 5 වැනිදා හෝ ඉන් පෙර 0112 689525 දුරකතන අංකය ඔස්සේ හෝ info@srilankabadminton.lk යන විද්‍යුත් තැපෑල මගින් නදීක මහතා අමතන ලෙස බැඞ්මින්ටන් සංගමය දැනුම් දෙයි.

මෙම වැඩසටහන සඳහා සහභාගිවන්නන් ලියාපදිංචි කිරීම එදින (8 වැනිදා) පෙරවරු 8.30 ට සිදු කෙරෙන අතර වැඩසටහනට සහභාගිවන්නන් සඳහා දිවා ආහාරය ලබා දීමටද බැඩ්මින්ටන් සංගමය කටයුතු සූදානම් කර තිබේ.


-036

 


අදහස් (0)

2020 සැලසුම් එළිදැක්වීම පෙබරවාරි 8 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.