Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton 11 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග 28 දා සිට

11 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග 28 දා සිට

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ වයඹ පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන වයස 11 න් පහළ කණ්ඩායම් බැඞ්මින්ටන් තරග මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා කුරුණෑගල බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවයින පුරා පාසල් 110 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 ක් පමණ සහාගිවන මෙම තරගාවලියේදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. එහිදී ‘ඒ’, ‘බී’ සහ ‘සී’ කාණ්ඩවල තරග බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීද, ‘ඩී’ සහ ‘ඊ’ කාණ්ඩවල තරග වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.

ශූරතාවලියේ සමාරම්භක උත්සවය මේ මස 28 වැනිදා පෙරවරු 8.30 ට බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පෙරවරු 9.00 සිට තරග ආරම්භ කෙරේ. 30 වැනිදා පස්වරු 2.00 ට තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වේ.


-036

 


අදහස් (0)

11 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග 28 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.