Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරග 24 වැනිදා සිට

සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරග 24 වැනිදා සිට

editorial - 2020 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වසර (2020) තුළදී පැවැත්වෙන පළමු ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලිය ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකි අතර ඒ සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 1000 කට ආසන්න පිරිසක් සහභාගි වෙතැයි සංවිධාකයෝ බලාපොරොත්තු වෙති.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන ඉසව් 5 ද ඇතුළත්ව ඉසව් 32 කින් මෙම තරගාවලිය සමන්විත වේ. එහිදී කනිෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වසය කාණ්ඩ යටතේ බාලක බාලිකා දෙඅංශයෙන්ම කේවල සහ යුගල තරග පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා එහිදී අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 50 න් ඉහළ සහ 60 න් ඉහළ යන වසය කාණ්ඩ යටතේ පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම කේවල සහ යුගල තරග පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර රුපියල් ලක්ෂ 5 ක මුදලක් ත්‍යාග වශයෙන් බෙදාදීමට නියමිතය. කනිෂ්ඨ තරගවල ජයග්‍රාහකයන් සඳහා වටිනා ක්‍රීඩා භාණ්ඩද, විවෘත සහ ජ්‍යෙෂ්ඨ තරගවල ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාගද පිරිනැමීමට නියමිතය. සියලුම ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.

-036

 


අදහස් (0)

සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරග 24 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.