Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ලයිසියම් - මියුසියස් විදුහල් ශූරතා දිනයි

ලයිසියම් - මියුසියස් විදුහල් ශූරතා දිනයි

editorial - 2019 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහල 6 වැනි වරටත් සංවිධාන කළ වයස අවුරුදු 13 න් පහළ යුගල බැඞ්මින්ටන් ශූරතාවලියේ ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ මියුසියස් විදුහල විසිනි.

ගාල්ල රිච්මන්ඞ් විදුහල බාලක අනු ශූරතාව දිනාගනිද්දී එහි තෙවැනි ස්ථානය මොරටුව ශාන්ත සෙබෙස්තියන් විදුහලට සහ කොළඹ ආනන්ද විදුහලට හිමිවිය. බාලිකා අනු ශූරතාව හිමිකර ගැනීමට සමත් වූයේ මාතර සුජාතා විදුහලයි. එහි තෙවැනි ස්ථානය මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය සහ කොළඹ විශාකා විදුහලට හිමිවිය.

‘බී’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ පී.ඩී.එස් කුලරත්න විදුහලද, බාලිකා ශූරතාව දිනාගැනීමට කුරුණෑගල අයි.ආර්.එස්. විදුහලටද සමත් වූ අතර ‘බී’ කාණ්ඩායේ බාලක අනු ශූරතාව ගම්පහ සුමේද විදුහලටද, බාලිකා අනු ශූරතාව පන්නිපිටිය ධර්මපාල විදුහලටද හිමිවිය.

දින 3 ක් පුරා මහනුවර නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 143 ක ක්‍රීඩක ක්‍රිඩිකාවෝ 1600 ක් සහභාගි වූහ. එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ආරාධිතයන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන) සුනිල් ජයවීර සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති පරාක්‍රම බස්නායක යන මහත්වරු සහභාගි වූහ.

මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විද්‍යාලාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමි සහ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපති, ගාල්ල රිච්මන්ඞ් විදුහලේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ඇතුලු සංගමයේ නිලධාරීන්ගේ මෙන්ම පාසල් ක්‍රීඩා භාර ආචාර්යවරුන්ගේ, පුහුණුකරුවන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණ.

-036

 


අදහස් (0)

ලයිසියම් - මියුසියස් විදුහල් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.