Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton දුමිඳු අබේවික්‍රමගෙන් පෙරළිකාර ජයක්

දුමිඳු අබේවික්‍රමගෙන් පෙරළිකාර ජයක්

ශානුක අරවින්ද - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සංවිධානය කළ එස්.එස්.සී. විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට තවමත් 16 වැනි වියේ පසුවන ලාබාල ක්‍රීඩක දුමිඳු අබේවික්‍රම සමත් විය. ජාතික යුගල බැඞ්මින්ටන් ශූරයකු මෙන්ම දකුණු ආසියානු රිදී සහ ලෝකඩ පදක්කම් ලාභීයකුද වන හසිත චානක වට 2-0 ක් ලෙස පරාජය කරමින් දුමිඳු එම ශූරතාවට හිමිකම් කීවේය.

පිරිමි කේවල අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 21-16 ක් ලෙස ජයගත් දුමිඳු, දෙවැනි වටයේදී හසිත පරාජය කරනු ලැබුවේද ලකුණු 21-16 ක් ලෙසිනි. කේවල ඉසව්වේදී පරාජයට පත්වුවද, රාජිත දහනායක සමග එක්ව පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට හසිත සමත් විය. ඒ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස චිරාන් සුදීර සහ ළහිරු වීරසිංහ පරාජය කරමිනි.

තරගාවලියේ කාන්තා කේවල ඉසව්ව ජයගැනීමට අචිනි රත්නසිරි සමත් වූයේ ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ නදීෂා ගයන්ති අවසන් මහ තරගයේ පළමු වටය තුළදී තරගයෙන් ඉවත් වීම හේතුවෙනි. අර්ධ අවසන් පූර්ව වටයේදී චන්ද්‍රිකා ද සිල්වා සහ අවසන් පූර්ව වටයේදී කාවින්දිකා ද සිල්වා පරාජය කරමින් අචිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනිමින් මෙම තරගාවලියේදී තෙවැනි වරටත් අවසන් මහ තරගයකට සහභාගි වූ හසිත චානක, එහිදී උපුලි සමන්තිකා සමග එක්ව රාජිත දහනායක සහ අචිනි රත්නසිරි පරාජයට කිරීමට සමත් විය. චන්ද්‍රිකා ද සිල්වා සහ කාවන්දිකා ද සිල්වා අවසන් තරගයට සහභාගි නොවීම නිසා අචිනි රත්නසිරිට සහ උපුලි සමන්තිකාට කාන්තා යුගල ඉසව්වේදී නිතරග ජයක් හිමිවිය.


විවෘත තරග ප්‍රතිඵල

පිරිමි කේවල
දුමිඳු අබේවික්‍රම විසින් වට 2-0 ක් ලෙස හසිත චානක පරාජය කරන ලදි. (21/16, 21/16)

පිරිමි යුගල
හසිත චානක සහ රාජිත දහනායක විසින් වට 2-1 ක් ලෙස චිරාන් සුදීර සහ ළහිරු වීරසිංහ පරාජය කරන ලදහ. (20/22, 21/13, 21/16)

කාන්තා කේවල
නදීෂා ගයන්ති තරගයෙන් ඉවත්වීම නිසා අචිනි රත්නසිරිට නිතරග ජයක් හිමිවිය.

කාන්තා යුගල
චන්ද්‍රකා ද සිල්වා සහ කාවින්දිකා ද සිල්වා තරගයට සහභාගි නොවීම නිසා අචිනි රත්නසිරිට සහ උපුලි සමන්තිකාට නිතරග ජයක් හිමිවිය.

මිශ්‍ර යුගල
හසිත චානක සහ උපුලි සමන්තිකා විසින් රාජිත දහනායක සහ අචිනි රත්නසිරි පරාජය කරන ලදහ.

 


අදහස් (0)

දුමිඳු අබේවික්‍රමගෙන් පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.