Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton දිනූක - තිළිණි බැඩ්මින්ටන් පිලේ නායකත්වයට

දිනූක - තිළිණි බැඩ්මින්ටන් පිලේ නායකත්වයට

editorial - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමේ නායකයා සහ නායිකාව ලෙස වත්මන් ජාතික ශූරයා සහ ශූරිය වන දිනූක කරුණාරත්න සහ තිළිණි හේන්දහේවා නම් කර තිබේ.

බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, රන්තුෂ්ක සසිඳු, ලෝචන ද සිල්වා, මධුක දුලංජන, ක්‍රිෂාන් දනුෂ්ක සහ හසිත චානක ශ්‍රී ලංකා පිරිමි බැඞ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරන අතර අචිනි රත්නසිරි, දිල්මි ඩයස්, කාවින්දි ඉෂාදිකා, උපුල් සමන්තිලක, කාවින්දි බිනාරි, හසාරා විජේරත්න සහ හසිනි අම්බලංගොඩ ශ්‍රී ලංනා කාන්තා බැඞ්මින්ටන් නියෝජනය කරති.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩිකායවන් අතරින් ඉකුත් වසරේ (2018) පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී යුගල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පළමු වරට පදක්කමක් දිනා දීමට බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් සමත් වූහ.

මේ වසරේ මාලදිවයිනේදී පැවැති දකුණු ආසියානු වයස 21 න් පහළ බැඞ්මින්ටන් ශූරතාවලියේදී බාලක කේවල ලෝකඩ පදක්කම දිනාගැනීමට සසිඳු රන්තුෂ්කද, බාලිකා කේවල ලෝකඩ පදක්කම දිනාගැනීමට හසිනි අම්බලන්ගොඩද සමත් වූහ. එහිදී හසාරා විජේරත්න බාලිකා යුගල ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩයමේ සාමාජිකාවක් ලෙස කටයතු කළාය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ප්‍රවීණ බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

-036

 


අදහස් (0)

දිනූක - තිළිණි බැඩ්මින්ටන් පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.