Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ගමින් ගමට යාම අම්බලන්ගොඩින්

ගමින් ගමට යාම අම්බලන්ගොඩින්

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, සිය පළාත් සහ දිස්ත්‍රික් බැඞ්මින්ටන් සංවර්ධන කමිටුව සමග එක්ව සංවිධාන කරන ‘ගමින් රටට බැඩ්මින්ටන්’ වැඩ සටහන මේ මස 14 සහ 15 දෙදින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ යෝජනාවක් අනුව ආසියානු බැඩ්මින්ටන් සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර ‘ෂට්ල් ටයිම්’  බැඞ්මින්ටන් ව්‍යාපෘතිය යටතේ මේ වැඩසටහන පැවැත්වේ. බැඩ්මින්ටන් ක්‍රීඩාව ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මූලික දැනුම සැපයීමේ සහ පළාත්බදව බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සෑම පළාතකම තෝරාගත් පාසල්වලට බැඞ්මින්ටන් ක්‍රීඩා උපකරණ ලබාදීම මෙමගින් සිදුවන අතර එහි පළමු අදියර සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 54 ක් තෝරා ගෙන තිබේ.

එම පාසල්වල යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම බෙදා දීමට අවශ්‍ය පරිදි පළාත් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා ඔවුන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහන් පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය කටයුතු කරයි.  

මෙම වැඩසටහන යටතේ සෑම පාසලකටම බැඩ්මින්ටන් පිති 6 ක්, බැඞ්මින්ටන් මල සහිත බඳුන් 3 ක් සහ දැලක් සහ දැල් සවි කිරිමේ කණු දෙකක් ලබාදීමට නියමිතය. එමගින් අදාළ පාසලේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ආරම්භ කිරීමට හැකිවනු ඇත.

මෙම වැඩසටහනට සහභාගි වන ගුරුවරුන්ට සහ සිසු සිසුවියන්ට වැඩසටහන අවසානයේ සහතිකපත් ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙන්ම එහි පළාත් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් මෙහි ප්‍රගතිය අධීක්ෂණය කරනු ලබන අතර පාසල් දිරිමත් කිරිම සහ දස්කම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා තරගාවලි සංවිධාන කිරිමටද කටයුතු කරනු ඇත.

අම්බලන්ගොඩදී ආරම්භ වීමට නියමිත ‘ගමින් රටට බැඩ්මින්ටන්’ වැඩසටහන පසුව සෑම දිස්ත්‍රික්කයක් තුළම පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය බලාපොරොත්තු වෙයි. එමගින් ශ්‍රී ලංකාවට නව බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දායාද කිරීමටද එම සංගමය අපේක්ෂා කරයි.

බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයකු වන වත්මන් උප සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් වනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා පවසයි.  


-036

 


අදහස් (2)

ගමින් ගමට යාම අම්බලන්ගොඩින්
  • KGD PRIYANTHI Sunday, 15 December 2019 01:24 AM

    සුභ පැතුමි !

    Reply 0       0

    KGD PRIYANTHI Sunday, 15 December 2019 01:24 AM

    සුභ පැතුම් !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.