Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල ඉන්දුනීසියාවට යයි

කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල ඉන්දුනීසියාවට යයි

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වයස 17 න් පහළ සහ 15 න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකායවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායමට මන්තුක රුපතුංග (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල), සවිනක වීරසේකර (තලවතුගොඩ විදුර විදුහල), ලෙහාන් යසස් (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), කවිරු සජිත් (අම්බලන්ගෙඩ ධර්මාශෝක විදුහල), ආෂින හේරත් (කොළඹ රාජකීය විදුහල) සහ අග්‍ර හේවගේ (කොළඹ රාජකීය විදුහල) යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

සෙනුජි උමගිලියගේ (ගාල්ල සංඝමිත්තා විදුහල), රනිත්මා ලියනගේ (ගාල්ල ක්‍රිස්තුරාජ විදුහල), තියානා වන්නිආරච්චි (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර විදුහල), පංචාලි අධිකාරි (මහනුවර මහාමායා විදුහල), දසිත්මා ජයතිලක (ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය) සහ සසිනි කුමාරපේලියාරච්චි (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) යන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම නියෝජනය කරති.

සුබාෂ් ජානක මහතා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර අසංක විජේසුන්දර මහතා කලමණාකරු ලෙසත්, සුමිත්‍රා දිසානායක මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණය ලෙසත් කණඩායමට ඇතුළත්ව සිටිති.


-036

 


අදහස් (0)

කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල ඉන්දුනීසියාවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.