Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බෝල බැඩ්මින්ටන් සම්මේලනයේ මුල් පුටුව බණ්ඩාරට

බෝල බැඩ්මින්ටන් සම්මේලනයේ මුල් පුටුව බණ්ඩාරට

editorial - 2021 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එම්.යූ.කේ. බණ්ඩාර මහතා තේරී පත්විය. නවගමුවේදී පැවති ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරයට පත් බණ්ඩාර මහතා මරදාන සංඝරාජ බෝලබැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපතිවරයායි.

සම්මේලනයේ ලේකම්ධුරයට ශ්‍යාමලී රේණුකා ජයසූරිය මහත්මිය පත්වූවාය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ක්‍රීඩා අතර 67 වැනි ක්‍රීඩාව ලෙස නිල වශයෙන් පිළිගත් බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව  2018 දී මෙරටට හඳුන්වා දෙනු ලැබීය.  ඊට මුල්වූ  සම්මේලනයේ ආරම්භක සභාපතිවරයා වන අභාවප්‍රාප්ත කරුණාරත්න වික්‍රමසිංහ මහතා  අනුස්මරණය කරමින් නිලවරණයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණි.

 

වසර 2020 - 2022 පාලන කාලය සඳහා ශ්‍රී ලංකා බෝල බැට්මින්ටන් සම්මේලනයේ නිතරගයෙන් පත්වූ නව නිලධාරි මණ්ඩලය

♦ සභාපති:- රියර් අද්මිරාල් එම්.යූ.කේ. බණ්ඩාර මහතා
♦ ලේකම්:- ශ්‍යාමලී රේණුකා ජයසූරිය මහත්මිය
♦ භාණ්ඩාගාරික:- ඩබ්ලිව්.එම්.සී.එච්. වික්‍රමසිංහ මහතා
♦ උපසභාපති:- ලුතිනන් ඩී.එම්.ටී.ඩබ්. පින්තෝ මහතා
♦ උපලේකම්:- කේ.ජී.ආර්. කරුණාරත්න මහතා
♦ උපභාණ්ඩාගාරික:- ඩී.එම්.අයි.පී. සේනාදර මහතා
♦ කාරක සභාව:- ඒ.එම්.එම්.එන්. අධිකාරි, එල්.පී. ජනක, වී.ඩබ්ව්. කේ. හේරත්, සාලිය සී.කේ. ද සිල්වා, ජේ.ඒ.එස්.පී සී. ජයසූරිය, නන්දනි ලෙව්ලි, කේ.ඒ.සී. කුලතුංග, දමයන්ති ගමගේ යන මහත්ම මහත්මීහු.

 


අදහස් (0)

බෝල බැඩ්මින්ටන් සම්මේලනයේ මුල් පුටුව බණ්ඩාරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.