Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බුවනෙක - සචින් - තිළිණි ද්විත්ව ශූරතා දිනති

බුවනෙක - සචින් - තිළිණි ද්විත්ව ශූරතා දිනති

ශානුක අරවින්ද - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උතුරු මැද පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධාන කළ විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත කාණ්ඩයේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට බුවනෙක ගුණතිලක, සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස රන්තුෂ්ක කරුණාතිලක පරාජය කරමින් බුවනෙක ගුණතිලක විවෘත පිරිමි ශූරතාවට හිමිකම් කී අතර එම තරගලේ ලකුණු තත්වය 21-17 ක් සහ 21-11 ක් ලෙස සටහන් විය. අවසන් පූර්ව වටයේදී වට 2-1 ක් ලෙස මධුක දුලාංජන පරාජය කරමින් බුවනෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර රන්තුෂ්ක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී  වට 2-0 ක් ලෙස ලෝචන ඔෂාන් ද සිල්වා පරාජය කරමිනි.
 
කාන්තා කේවල අවසන් මහ තරගය වත්මන් සහ හිටපු ජාතික ශූරියන් දෙදෙනකු අතර ගැටුමක් බවට පත් වූ අතර එහිදී සය වරක් ජාතික ශූරිය බවට පත්ව සිටින තිළිණි හෙන්දහේවා හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වූයේ තෙවරක් ජාතික ශුරිය බවට පත්ව සිටි අචිනි රත්නසිරිය. අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස කාවින්දිකා බිනරි ද සිල්වා පරාජය කරමින් තිළිණි අවසන් තරගයට පිවිසි අතර අචිනි අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස දිල්මි ඩයස් පරාජය කරමිනි.

පිරිමි යුගල අවසන් තරගයේදී සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක හමුවේ වට 2-0 ක් ලෙස හසිත චානක සහ ආර්.එස්. කසුන් පරාජයට පත් වූ අතර කාන්තා යුගල අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස කාවින්දිකා බිනරි ද සිල්වා සහ දිල්මි ඩයස් පරාජය කිරීමට අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ සමත් වූහ. කාන්තා කේවල ශූරතාව දිනූ තිළිණි හෙන්දහේවා, මිශ්‍ර යුගල ශූරතාවටද හිමිකම් කීවේ සචින් ඩයස් සමග එක්ව එහි අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස මධුක දුලාංජන සහ දිල්මි ඩයස් පරදවමිනි.
 
ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් දින හයක් පුරා තරග වැදුණු මෙම තරගාවලිය අනුරාධපුරයේ නගර සභා ක්‍රීඩාංගණයේදී සහ මයික් කුක් ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී විවෘත, කනිෂ්ඨ සහ ප්‍රවීන ලෙස කාණ්ඩ 3 ක් යටතේ පැවැත්විණ. බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති පරාක්‍රම බස්නායක මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.  

විවෘත තරග ප්‍රතිඵල

පිරිමි කේවල  
බුවනෙක ගුණතිලක විසින් වට 2-0 ක් ලෙස රන්තුෂ්ක කරුණාතිලක පරාජය කරන ලදි. (21-17, 21-11)
 
කාන්තා කේවල  
තිළිණි හෙන්දහේවා විසින් වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කරන ලදි. (21-15, 21-18)

 
පිරිමි යුගල

සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක විසින් වට 2-0 ක් ලෙස හසිත චානක සහ ආර්.එස්. කසුන් පරාජය කරන ලදහ. (21-16, 21-16)

කාන්තා යුගල
අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ විසින් වට 2-0 ක් ලෙස කාවින්දිකා බිනරි ද සිල්වා සහ ඩිල්මි ඩයස් පරාජය කරන ලදහ. (21-12, 21-12)

මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසින් වට 2-0 ක් මධුක දුලාංජන සහ දිල්මි ඩයස් පරාජය කරන ලදහ. (21-8, 21-15)

 

බාලක තරග ප්‍රතිඵල

අවුරුදු 11 න් පහළ කේවල
වේදක ගෝමස් විසින් වට 2-0 ක් ලෙස සමිරු හංසක රණසිංහ පරාජය කරන ලදි. (15-11, 15-9)

අවුරුදු 13 න් පහළ කේවල
හිරූක සහන්මිත් විසින් වට 2-1 ක් ලෙස තිදාසල් රුක්ෂික වේරගොඩ පරාජය කරන ලදි. (15-10, 11-15, 15-10)

අවුරුදු 13 න් පහළ යුගල
පමිත් බණ්ඩාර අත්තනායක සහ තිදාසල් රුක්ෂික වේරගොඩ විසින් වට 2-1 ක් ලෙස රිතිර සෙන්දිල් අබේගුණවර්ධන සහ තෙනුල් රංසජ ගනේවත්ත පරාජය කරන ලදහ. (15-13, 10-15, 15-12)

අවුරුදු 15 න් පහළ කේවල
සංජන දේවසුරේන්ද්‍ර විසින් වට 2-1 ක් ලෙස සිනෙත් මන්තුක රූපතුංග පරාජය කරන ලදි. (17-21, 21-16, 22-20)
 
අවුරුදු 15 න් පහළ යුගල
ඉමාන් දෙල්පෙචිත්‍ර සහ කේ.බී.එස්. කෞෂල්‍ය විසින් වට 2-0 ක් ලෙස ලුවින් කොඩිප්පිලි සහ විදුෂ් රවිෂ්ම සුමනදාස පරාජය කරන ලදහ. (21-16, 21-16)

අවුරුදු 17 න් පහළ කේවල
දුමිඳු අබේවික්‍රම විසින් වට 2-0 ක් ලෙස සවිනක නෙත්මින් වීරසේකර පරාජය කරන ලදි. (21-9, 21-11)
 
අවුරුදු 17 න් පහළ යුගල

මධුභානු කාරියවසම් සහ ඔෂාමික කරුණාරත්න විසින් වට 2-1 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ මනුර ද අල්විස් පරාජය කරන ලදහ. (21-17, 11-21, 23-21)

අවුරුදු 19 න් පහළ කේවල
තුලිත් තෙව්මික පල්ලියගුරු විසින් වට 2-1 ක් ලෙස නඳුන් පුංචිහේවා පරාජය කරන ලදි. (21-16, 19-21, 21-12)

අවුරුදු 19 න් පහළ යුගල
චමත් කාවින්ද ඩයස් සහ චිරාත් සන්තුෂ් ඉලේපෙරුමආරච්චි විසින් වට 2-1 ක් ලෙස ලෝචන ඔෂාන් ද සිල්වා සහ තිලිත් තෙව්මික පල්ලියගුරු පරාජය කරන ලදහ. (12-21, 21-16, 24-22)

 

බාලක තරග ප්‍රතිඵල

අවුරුදු 11 න් පහළ කේවල
නෙත්මි අමායා රත්නායක විසින් යට 2-0 ක් ලෙස විශ්වනී වන්නිආරච්චි පරාජය කරන ලදි. (15-5, 15-8)

අවුරුදු 13 න් පහළ කේවල
සිතුකි ඔනාදි ගුණවර්ධන විසින් වට 2-0 ක් ලෙස චිරන්‍යා ජයවර්ධන පරාජය කරන ලදි. (15-9, 15-12)
 

අවුරුදු 13 න් පහළ යුගල
සිතුකි ඔනාදි ගුණවර්ධන සහ කොමුතු කෙත්නාරා කුමාරප්පෙරුම විසින් වට 2-1 ක් ලෙස සඳති දෙව්මිණි හේවාගාල්ලගේ සහ චිරන්‍යා ජයවර්ධන පරාජය කරන ලදහ. (21-20, 11-15, 15-12)

අවුරුදු 15 න් පහළ කේවල
රෂ්මි භාග්‍යා මුදලිගේ විසින් වට 2-0 ක් ලෙස ඉසුරි ද අල්විස් පරාජය කරන ලදි. (22-20, 22-20)
 
අවුරුදු 15 න් පහළ යුගල
මනීෂා අභිමානි ජයවර්ධන සහ සමින්දි ඔනෙල් කලංසූරියආරච්චිගේ විසින් වට 2-0 ක් ලෙස ඉරූෂි අමන්දි හේවාගාල්ලගේ සහ නෙතංගා වින්දනී පරාජය කරන ලදහ. (21-10, 21-9)

අවුරුදු 17 න් පහළ කේවල
විදාරා සුහස්නි විදානගේ විසින් වට 2-1 ක් ලෙස චමුදි අබේවික්‍රම පරාජය කරන ලදි. (17-21, 21-11, 21-3)
 

අවුරුදු 17 න් පහළ යුගල
සුවිනි මුතුමලි සහ විදාරා සුහස්නි විදානගේ විසින් වට 2-0 ක් ලෙස කිවිනි සුලාරා ජයසූරිය සහ තිසුනි මිදාරා ලියනාරච්චි පරාජය කරන ලදහ. (21-16, 21-16)

අවුරුදු 19 න් පහළ කේවල
දිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා පරාජය කරන ලදි. (21-9, 21-9)

අවුරුදු 19 න් පහළ යුගල
දිල්මි ඩයස් සහ අනුරංගි හංසමාලි විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා සහ චතුලි ඉෂාරා පරාජය කරන ලදහ. (21-11, 21-11)

 


ප්‍රවීණ තරග ප්‍රතිඵල
අවුරුදු 35 න් ඉහළ කේවල
කොඩිතුවක්කු හේමන්තට නිතරග ජයක්.

අවුරුදු 40 න් ඉහළ කේවල
උපේන්ද්‍ර ජයවර්ධන විසින් වට 2-0 ක් ලෙස නිහාන් රණසිංහ පරාජය කරන ලදි. (21-13, 21-8)

අවුරුදු 40 න් ඉහළ යුගල
සුභාෂ් ජානක සහ දුමින්ද ජයකොඩි විසින් වට 2-0 ක් ලෙස උපේන්ද්‍ර ජයවර්ධන සහ සහන් ප්‍රදීප් පරාජය කරන ලදහ. (21-14, 21-15)

අවුරුදු 50 න් ඉහළ කේවල
ක්ලැරන්ස් හෝමර් විසින් දර්ශන සේනාරත්න පරාජය කරන ලදි. (දර්ශන තරගය අතරතුර ඉවත් විය.)

අවුරුදු 50 න් ඉහළ යුගල
ක්ලැරන්ස් හෝමර් සහ දර්ශන සේනාරත්න විසින් වට 2-0 ක් ලෙස මංගල ගමගේ සහ කමල් ගම්ලත් පරාජයට පත්කරන ලදහ. (21-12, 21-10)

අවුරුදු 55 න් ඉහළ කේවල
ජනත් රොහාන් ප්‍රනාන්දු විසින් වට 2-0 ක් ලෙස ජයත් වික්‍රමසිංහ පරාජයට පත්කරන ලදි. (21-15, 21-16)

අවුරුදු 60 න් ඉහළ කේවල
ලුවී කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස පරාක්‍රම බස්නායක පරාජයට පත්කරන ලදි. (21-15, 21-5)
 
අවුරුදු 60 න් ඉහළ යුගල

රොහාන් ද සිල්වා සහ ලුවී කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස පරාක්‍රම බස්නායක සහ ඩබ්.එම්. ආරියසේන පරාජයට පත්කරන ලදහ. (21-7, 21-17)


අදහස් (0)

බුවනෙක - සචින් - තිළිණි ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.